TikTok වීඩියෝවක උපරිම දිග මිනිත්තු 10 දක්වා පුළුල් කරයි




TikTok වල upload කරන විඩීයෝව සඳහා උපරිම දිග මිනිත්තු 10ක් දක්වා පුළුල් කරන බව Tiktok සමාගම පෙබරවාරි 28 දින ප්‍රකාශය පත්කර තිබෙනවා. TikTok වසර ගණනාවක් තිස්සේ longer uploads පරීක්‍ෂා කරමින් සිටින අතර පසුගිය වසරේ ජූලි මාසයේදී මිනිත්තු 03ක වීඩියෝ upload කිරීමේ හැකියාව හඳුන්වා දුන්නේය.

කෙසේ වෙතත් මාර්තු 2 වන දින TikTok සමාගම, YouTube සමාගමට අභියෝගයක් එල්ල කරමින් TikTok සඳහා long-form videos upload කිරීමේ හැකියාව පරිශීලකයින්ට ලබා දී තිබෙනවා.

මේ පිළිබඳව TikTok සමාගමේ ප්‍රකාශකයෙකු විසින් The Verge වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා සිටියේ, ඔවුන් සෑම විටම ක්‍රියාකරන්නේ තම පරිශීලකයින්ට වටිනාකමක් එක් කිරීමට සහ TikTok හරහා ලබා ගත හැකි අත්දැකීම පුළුල් කිරීම සඳහා වන නව ක්‍රමෝපායන් පිළිබඳව බවයි.

Social media consultant සහ analyst වරයෙකු වන Matt Navarra සිය Twitter ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ, සමහර පරිශීලකයින් හට මෙම news එක app එක තුළ notification එකක් ආකාරයට ලබා දී තිබූ බවයි.

මේ පිළිබඳව Matt Navarra විසින් The Verge වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා සිටියේ, සාමාන්‍යයෙන් long-form content මුදල් ඉපයීමට පහසු වන අතර පරිශීලකයින්ව බොහෝ වේලාවක් සිය platform එක තුළ තබා ගැනීමට සමත් වන බවයි. කෙසේ වෙතත් TikTok සමාගම මෙම videos සිය platform එක තුළ ස්ථානගත කර ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයාබැලිය යුතු බවයි.

Source : The Verge, Justia, TechNews.LK

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *