Reddit කියන්නේ කෙලින්ම කියනවනම් හොද Instant traffic resources එකක්. අපි දාන article වලට එන crowd එක බලන් ඉද්දි high peak එකට ගිහින් බලන් ඉද්දිම low peak එකක්ට යන්න පුලුවන්. ඉතින් article එකට traffic ඇවිල්ලා අඩු උනා කියලා අවුලක් නෑනේ මොකද ඒ වෙනකොටත් සැලකිය යුතු income එකක් ඇවිල්ලා ඇති. මේ photo එකේ තියෙන්නේ මගේ එකක් reach උන විදිහ.
කොහොමද Reddit Account එකක් Up කරන්නේ?
ඔයාලගේ niche එකට අදාල subreddits හොයාගන්න. ඈ මොකක්ද subreddit කියන්නෙ කියලා අහන්න එපා! Subreddit කියන්නෙ Facebook group වගෙ reddit එකේ group කිව්වොත් හරි.
ඉතින් කොහොමද හරියටම ඔයාගෙ Niche එකට අදාල Subreddits හොයා ගන්නේ?
ඒකට කරන්න තියෙන්නේ Google Keyword Planner පාවිච්චි කරලා ඔයාගෙ niche එකට අදාලව keywords ටිකක් filter කරගන්න. පසුව ඒ keyword ටික reddit එකේ search කරන්න ඔයාලට දැන් orginal USA majority ඉන්න 100K to 100M වගේ ඉන්න subreddit හොයා ගන්න පුලුවන්. 100K ට අඩුවෙන් subreddit තියෙනවා නමුත් මේ විදිහට keyword වලින් filter කලහම එන ගොඩක් එවා 100K වැඩී.
ඉතින් 100M වගේ redditers ඉන්න subreddit එකක් දැක්කොත් දැනෙන සතුට කොහොමද? සෙස් නේ…. ඉතින් කුලප්පුව පැත්තකින් තියලා ඉස්සලාම ඒකෙ තියෙන rules ටික කියවන්න A to Z. මොකද ඒ ඒ subreddit වලට අදාල නැති post or article ඔයා දැම්මොත් එක්කෝ ඔයා temporary block වෙන්න පුලුවන් නැත්තම් Permanently Ban වෙන්නත් පුලුවන්. ඒක නිසා පොඩ්ඩක් ඉවසීම පාවිච්චි කරන්න මේ වේලාවට.
ඔයා subreddit එක ඇතුලේ ටිකක් active ඉන්නකොට ඒ කියන්නෙ ඔයාගේ post සහ article share කරන එක නෙවෙයි. ඔයා අනිත් අයගෙ post වලටත් upward, downward සහ comment දාන ගමන් ඔයාගෙ එකකුත් දැම්මට subreddit moderate මොකුත් කියන්නෙ නෑ.
නිකමට හිතලා බලන්න 10M redditers ඉන්න group එකකට ඔයාගෙ article එකක් දාලා site එකට එන traffic එක, දැන් ඔයාට හිතෙයි site එකට traffic ආවට earning එන්නේ නෑනෙ කියලා. ඒක හරි මොකද article එක click කලහම earning එන්න මෙක Facebook Instant Article නෙවෙයිනේ, නමුත් 10M redditers ඉන්න subreddit එකකින් සැලකිය යුතු ප්රමානයක් site එකට එනවා, ඒ ටිකෙනුත් සැලකිය යුතු ප්රමාණයක් Ad එක click කරන්න බැරිද?
මොනවද මේ Upward & Downward කියන්නේ?
අපිට හුරු පුරුදු facebook වල තියෙන Like button එක තමයි reddit වල upward කියන්නේ, තවත් සරලව කියනවනම් reddit එකේ wall එකේ අපි දකින post or article වලට අපි කැමති නම් අපිට ඒ අදාල post එකට හෝ article එකට upward දෙන්න පුලුවන්. ඒකෙ ඊතලය උඩට තියෙන්නේ. දැන් තේරෙනවා ඇතිනේ අනිකෙන් මොක්කද වෙන්නේ කියලා, කමක් නෑ ඒකත් කියන්නම්කො නැත්තම් කියයි ඒක කියුවේ නෑ කියලා, reddit එකේ wall එකේ අපි දකින post or article වලට අපි අකැමති නම් අපිට ඒ අදාල post එකට හෝ article එකට downward දෙන්න පුලුවන්. ඒකෙ ඊතලය පහලට තියෙන්නේ.
මොනවද මේ Karma?
අපි subreddit වල පෝස්ට් වලට දාන upward, downward, comment සහ අපේ post & article වලට ලැබෙන upward, downward, comment අනුව karma rate එක up වෙනවා. Reddit එක අතුලේ අපේ profile එක අපි හොදට maintain කරනවානම් අපිට karma 1M උනත් එකතු කරගන්න පුලුවන්. එහෙම account වලට subreddit ඇතුලේ value එක වැඩී.
තව reddit කතාවකින් හමුවෙමු! එතකම් reddit ඉන්න set එක අපේ reddit එකත් follow කරගෙන යන්න.
Source: Harsha Madushanka