Fiverr කියන්නේ මොකක්ද? Fiverr වලින් මුදල් උපයන්නේ කොහොමද?

Englishहिन्दीBahasa IndonesiaРусскийසිංහලதமிழ்



ඔබ දුරස්ථව වැඩ කරන්නේ නම් සහ Fiverr හි මුදල් උපයන්නේ කෙසේදැයි දන්නේ නම්, ඔබේ ඉපැයීමේ හැකියාව නිමක් නැත. Fiverr සමඟින්, ඔබට ඔබේ කුසලතා භාවිතයට ගනිමින් ලෝකයේ ඔබට අවශ්‍ය ඕනෑම තැනක සංචාරය කළ හැකිය.

ඔබ සිතන දේ කුමක් වුවත්, Fiverr සමඟ රැකියාවක් කිරීමෙන් ඔබට 5$ කට වඩා වැඩි මුදලක් උපයා ගත හැකිය. සමහර freelancerලාට 100$ ගණනක් සහ 1000$ ගණනක් ගෙවනු ලැබේ. Fiverr යනු අමතර මුදල් ටිකක් උපයන අතරම ඔබේ කුසලතා භාවිතා කිරීමට හොඳ ක්‍රමයකි. එහෙනම් අපි ටිකක් ගැඹුරට කිමිදී Fiverr වලින් මුදල් උපයන්නේ කෙසේදැයි ඉගෙන ගනිමු.

Fiverr යනු කුමක්ද?

සරලව කිවහොත්, Fiverr යනු විවිධ සේවා, කාර්යයන් සහ කුඩා රැකියා සපයන online වෙළඳපොළකි. 2010 දී ආරම්භ කරන ලද, Fiverr හි අරමුණ වන්නේ freelancers ලාට ඔවුන්ගේ පවතින digital සේවාවන් advertise කිරීමට සහ list කිරීමට හැකි online platform එකක් සැපයීමයි.

Fiverr Homepage

වෙබ් අඩවියේ, සෑම වර්ගයකම කුසලතා සඳහා මිලියන ගණනක් gigs දැකගැනීමට හැකියාව ලැබේ. ඔබ designer කෙනෙකු, web developer කෙනෙකු, lawyer කෙනෙකු හෝ musician කෙනෙකු වුවද, Fiverr වල ඔබේ වෘත්තීයට අදාල යමක් තිබේ.

Fiverr හි, පිරිනමන සේවාවන් “gig” ලෙස හඳුන්වනු ලබන අතර, ඒවායින් බොහොමයක් 5$ බැගින් ආරම්භ වේ, එබැවින් “Fiverr” යන නම ලැබී ඇත. කෙසේ වෙතත්, මෙය මූලික වැටුප පමණි. අනෙකුත් job service sites හා සමාන comparable range එකකින් ගෙවන gigs ඕනෑ තරම් ඔබට සොයාගත හැකිය. Sellersලට freelancersලා සමඟ සෘජුවම සම්බන්ධ කිරීමෙන්, Fiverr online service exchange ලබා දෙන විශාලතම වෙබ් අඩවියක් බවට පත්ව ඇත.

Fiverr වැඩ කරන්නේ කොහොමද?

අන් අයට ප්‍රයෝජනවත් විය හැකි විශේෂ දක්ෂතාවයක් හෝ කුසලතාවක් ඔබට තිබේද? සමහර විට ඔබ logos, websites හෝ wedding invitations design කිරීමට දක්ෂයි. නැතහොත් සමහර විට ඔබට ඔවුන්ගේ social media හෝ HR strategy සමඟ ව්‍යාපාරවලට උදව් කළ හැකිය.

ඔබේ දක්ෂතාවය කුමක් වුවත්, එම කුසලතා අන්තර්ජාල ලෝකයේ සෙසු අය සමඟ බෙදා ගැනීමට Fiverr ඔබට අවස්ථාව ලබා දෙයි. හොඳම දෙය නම්, ඔබ කැමති දේ කරමින් ඔබට මුදල් ඉපයිය හැකිය.

Fiverr services category

Fiverr රැකියා සෙවීමේ ක්‍රියාවලිය තරමක් සරල ය. නමුත් පළමුව, ගනුදෙනුවට සම්බන්ධ විවිධ පාර්ශව දෙක තේරුම් ගැනීම වැදගත්ය. Fiverr ක්‍රියා කරන ආකාරය මෙන්න:

Sellers: ඔබ රැකියාවක් සොයන freelancer කෙනෙකු නම්, Fiverr “seller” ලෙස සලකන්නේ ඔබයි. Seller කෙනෙකුට ඔවුන්ට අවශ්‍ය ඕනෑම ආකාරයක සේවාවක් list කළ හැක. ඔබව hire කරගැනීමේ අවස්ථාව ඔබේ industry experience එක සහ Fiverr හි ඔබේ experience මත රඳා පවතී.

Buyers: ඔබ සේවාවක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබ “buyer” වේ. Buyer කෙනෙකුට සම්පුර්ණ කරගත යුතු නිශ්චිත කාර්යයක්, රැකියාවක් හෝ ව්‍යාපෘතියක් වැනි කළ යුතු යමක් තිබේ. ඔවුන් ව්‍යාපාර, සමාගම් හෝ තනි පුද්ගලයන් විය හැක. Fiverr හි, buyers මෙම කාර්යය ඉටු කිරීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා sellers hire කරගනී.

Fiverr යනු two-way communication platform එකක් වේ, එනම් buyers සහ sellers එකිනෙකා සොයා ගැනීමට අවස්ථාව තිබේ. Buyer කෙනෙකුට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන sellers profiles හරහා browse කිරීමට හැකිය. එසේත් නැතිනම්, sellerට තම කුසලතාවන්ට ගැලපෙන කාර්යයන් සඳහා buyer requests හරහා බැලිය හැක.

Buyer සහ seller එකිනෙකා සොයා ගත් පසු, ඔවුන් නියමිත goal එකක්, time frame එකක්, සහ price එකකට එකඟ වනු ඇත. එවිට ඔවුන්ට හොඳම දේ කිරීම freelancerට භාරයි.

Fiverr ක්‍රියා කරන ආකාරය දැන් ඔබට වැටහෙන නිසා, ඔබේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට කාලයයි.

Fiverr සපයන services මොනවාද?

Fiverr ඔබ උදව් සොයමින් සිටියත් හෝ නිශ්චිත ප්‍රදේශයක freelancer කෙනෙකු වීමට අවශ්‍ය වුවත් ටොන් ගණනක් services සපයයි.

What is Fiverr

මෙන්න ඔබට Fiverr තුලින් සොයා ගත හැකි දේවල් කිහිපයක්:

  • Social media marketing
  • Web programming
  • E-commerce development
  • Industrial and product design
  • Data science
  • Mobile apps
  • Financial consulting
  • Game development
  • Website building
  • Architecture and interior design
  • Data processing
  • WordPress
  • SEO
  • Producing and composing
  • Proofreading and editing

Fiverr ආරම්භ කරන්නේ කෙසේද?

Fiverr seller කෙනෙකු ලෙස මුදල් ඉපයීම වෙන කවරදාටත් වඩා පහසුය. පහත පියවර සම්පූර්ණ කිරීමෙන්, ඔබට කෙටි වේලාවකින් Fiverr සමඟින් ක්‍රියාත්මක විය හැක.

නව ගිණුමක් සඳහා register ⁣වෙන්න

Fiverr හි මුදල් ඉපයීමට නම්, ඔබ registered user කෙනෙකු විය යුතුය. එබැවින්, ඔබගේ පළමු පියවර වන්නේ නව ගිණුමක් සඳහා register වීමයි. ඔබ ඔබේ contact information සහ details ඇතුළත් කළ පසු, ඔබට confirmation link එකක් ඔබගේ email එකට ලැබෙනු ඇත. ඔබ ඔබේ නව ගිණුම confirm කළ පසු, වැඩ සඳහා browsing කිරීම ආරම්භ කිරීමට කාලයයි.

Seller Profile එකක් සාදන්න

Fiverr හි රැකියාවක් ලබා ගැනීමට ඇති වැදගත්ම ක්‍රමය ඔබගේ profile එක විය හැක. ඔබේ experience, skills සහ history buyerට ප්‍රදර්ශනය කිරීමට එය ඔබට උපකාරී වේ.

Fiverr seller profile

ඔබව hire කරන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීමේදී buyers දකින පළමු දෙය මෙයයි, එබැවින් ඔබේ first impression එක හොඳ එකක් බවට පත් කරගන්න.

Gig එකක් සාදන්න

දැන් ඔබට descriptive profile එකක් ඇති බැවින්, Potential buyers සමඟ share කරගැනීමට ඔබට gig එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය වනු ඇත. ඔබට ඔබේ services, requirements සහ ඔබ අය කරන දේ පිළිබඳ information සැපයීමට අවශ්‍ය වනු ඇත.

Fiverr Gigs

ඔබගේ job description එක ලෙස Fiverr gig එක ගැන සිතන්න. ඔබේ profile එක කියවීමෙන් පසු, buyer කෙනෙකු ඔබ ඔවුන්ගේ ව්‍යාපෘතිය සඳහා සුදුසු දැයි බැලීමට ඔබේ gig එක දෙස බලයි.

ඔබේ Buyersලට Offers යවන්න

Buyers ඔබේ profile එක දෙස බලන විට ඔබට වාඩි වී විවේක ගත හැකි වුවද, ඔබ ක්‍රියාශීලීව වැඩ කරන්නේ නම් ඔබට තවත් gigs ලැබෙනු ඇත.

සමහර buyers service එකක් සඳහා request එකක් පළ කරනු ඇත, එය ඔවුන්ට කළ යුතු දේ, ඔවුන්ට එය අවශ්‍ය විට සහ ඔවුන් කොපමණ මුදලක් ගෙවීමට කැමතිද යන්න පැහැදිලි කරයි. Seller කෙනෙකු ලෙස, ඔබට මෙම request එක browse කිරීමට සහ buyer වෙත offers කෙලින්ම යැවිය හැක.

Fiverr එකෙන් මාසිකව කෙතරම් මුදලක් උපයන්න පුලුවන් ද? Fiverr එකෙන් උපයන මුදල් ගන්නේ කොහොමද?

එය සම්පූර්ණයෙන්ම තමන්ගේ හැකියාව, දැනුම, කැපවීම සහ විනය මත රැදුන දෙයක්. Rs. 1000 සිට Rs. 1,000,000 කටත් වඩා මාසික ආදායමක් උපයන්න පුලුවන්. ඇත්තම කිව්වොත් මුදල් හොයන්න සීමාවක් නැහැ.

How to use fiverr to reduce heavy work in business

ඔබ Fiverr හරහා උපයන මුදල් Paypal හරහා හෝ කෙලින්ම ඔබගේ බැංකු ගිණුමට නියමිත වේලාවට ලබා ගත හැක.

Fiverr එකට කීයක් වියදම් වෙනවද?

Fiverr සමඟ ගිණුමක් සෑදීම සම්පූර්ණයෙන්ම නොමිලේ. මෙය වෙබ් අඩවියේ ඇති හොඳම විශේෂාංග වලින් එකකි. Browse කිරීමට හෝ ලබා ගත හැකි gig මොනවාදැයි බැලීමට ඔබට සතයක්වත් වැය නොවේ.

Buyer කෙනෙකු ලෙස, ඔබ gig එකේ cost එක මෙන්ම administration fees සඳහා Fiverr වෙත pay කිරීමට සිදුවේ. තවද ගාස්තුව රඳා පවතින්නේ ඔබ gig එක සඳහා කොපමණ මුදලක් ගෙවනවාද යන්න මතය. $40 ට අඩු gig සඳහා ගාස්තුව $2 සහ $40ට වැඩි gig සඳහා 5% කි.

උදාහරණයක් ලෙස, ඔබ blog article එකක් සඳහා $10 ගෙවීමට කැමති නම්, seller කෙනෙකු hire කරගැනීමට පෙර ඔබ Fiverr වෙත $2 ගෙවනු ඇත.

How to work with Fiverr

Seller කෙනෙකු ලෙස, Gig එක සාර්ථකව අවසන් වූ පසු ඔබට ගෙවනු ලැබේ. ඔබට ගෙවනු ලබන්නේ මුළු ඇණවුමේ වටිනාකමෙන් 80% ක් පමණක් බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. Fiverr ඉතිරි 20% කොමිස් ගාස්තුවක් ලෙස තබා ගනී.

Fiverr වල වාසි මොනවද?

Fiverr යනු freelancers (sellers), customers (buyers) සමඟ සම්බන්ධ කරන ප්‍රමුඛතම marketplace එකකි. එය අතිශයින් ලාභදායී ය. ඔබට 5$ ක් වැනි අඩු මුදලකට freelancer කෙනෙකු hire කරගත හැක. ඔබට සිතිය හැකි ඕනෑම category එකක පාහේ gigs (jobs) සඳහා freelancers විශාල ප්‍රමාණයක් සිටියි. තවද, customer support team ප්‍රයෝජනවත් වන අතර ඔවුන් සෑම විටම buyerගේ පැත්ත ගනී.

Fiverr වල අවාසි මොනවද?

ඔබ ගෙවන දේ ඔබට ලැබෙන බව මතක තබා ගැනීම වැදගත්ය. ඔබ 5$ ක් ගෙවූ කාර්යයේ ගුණාත්මකභාවය කැපී පෙනෙන ලෙස (විශේෂයෙන් complex සහ challenging tasks සඳහා) බලාපොරොත්තු නොවන්න. සමහර sellers unreasonable deadlines නියම කර ඇති අතර කාර්යය ඉක්මනින් සිදුකර ගැනීමට ඔබට අමතර මුදලක් ගෙවිමට සිදුවේ.

Source: Fiverr, Talk Bitz, Goats On The Road, nj.com, Website Rating

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published.