WhatsApp ගිණුමට තවත් ජංගම දුරකථනයක් Link කල හැකි Link Device පහසුකම




නවතම WhatsApp Beta සංස්කරණය මඟින් Companion Mode නමින් නව විශේෂාංගයක් Android පරිශීලකයන් හට ලබාදීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා.

මීට දින කිහිපයකට පෙරදී WABetaInfo වෙබ් අඩවිය Twitter පණිවුඩයක් හරහා වාර්තා කර තිබුණේ, Link Device පහසුකම හරහා තවත් ජංගම දුරකථනයකට WhatsApp ගිණුම Link කිරීමේ විශේෂාංගයක් ලබා දීමට WhatsApp ආයතනය කටයුතු කරමින් සිටින බවයි.

ඒ අනුව නවතම Android Beta සංස්කරණය හරහා එකම WhatsApp account එක Mobile Devices 2 කට Link කිරීමේ හැකියාව ලැබෙනවා. කෙසේවෙතත් තෝරාගත් Beta පරිශීලකයන් පිරිසක් සඳහා පමණක් මෙම විශේෂාංගය ලබාදී තිබෙන අතර අනෙකුත් පරිශීලකයන් හට තම WhatsApp ගිණුම Tablet Device එකකට හෝ කිහිපයකට පහසුවෙන් link කිරීමේ හැකියාව පවතිනවා. එහිදී Tablet එකෙහිද WhatsApp Beta සංස්කරණය ස්ථාපනය කිරීම අනිවාර්ය වෙනවා.

WhatsApp is releasing companion mode on Android beta

මෙම විශේෂාංගය WhatsApp Beta පරීක්ෂකයන් හට නවතම WhatsApp Beta සංස්කරණය (Android 2.22.21.6) හරහා ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, ඉතාමත් ඉක්මණින් සාමාන්‍යය WhatsApp පරිශීලකයින් හට ද ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරනු ඇති.

Source: WABetaInfo, Mashable, TechNews.LK

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *