WhatsApp යෙදුම තුළ In-app Grocery Shopping පහසුකම ලබාදෙයි




Meta messenger platform සඳහා එහි සුපිරි බව යලි තහවුරු කරමින් WhatsApp හි පළමු end-to-end shopping experience එක දියත් කරන බව Meta සමාගම නිවේදනය කළේය. මේ අනුව ඉන්දියාවේ WhatsApp යෙදුම තුළ in-app shopping පහසුකම එක්කර තිබෙනවා. එහිදී පරිශීලකයින්ට chat හරහා සෘජුවම online grocery shopping කිරීමට හැකි වේ.

නව යෙදුම තුළ in-app shopping experience එක Meta සමාගම සහ ඉන්දියානු e-commerce platform එකක් වන JioMart අතර සහයෝගීතාවයේ ප්‍රතිඵලයකි. ඉන්දියාවේ WhatsApp භාවිතා කරන්නන්ට දැන් WhatsApp chat එකක් හරහා JioMart business account වෙත පිවිස පරිශීලකයින්ට shopping කිරීමට සහ JioMart හි catalog browse කිරීමට, ඔවුන්ගේ carts වලට items එක් කිරීමට සහ මුදල් ගෙවීම් කිරීමට හැකිය.

මිලියන 400 කට අධික පරිශීලකයින් සිටින WhatsApp හි විශාලතම වෙළඳපොල ඉන්දියාව වන අතර, මෙම නව යෙදුම තුළ shopping service එක සාර්ථක වුවහොත්, අනෙක් රටවල ද මෙම සේවාව ලබාදෙනු ඇති බව බොහෝදෙනා විශ්වාස කරනවා.

Source: Techspot, The Verge

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *