WhatsApp සමාගම ඔවුනගේ Android යෙදුම සඳහා විශාල වෙනසක් සැලසුම් කරන බව පෙනේ. සැළසුම් වෙනසක් සිදුවෙමින් පවතින අතර Google Meet, Microsoft Teams සහ Zoom වලට ප්‍රතිවාදී වීමට නව screen-sharing විශේෂාංගයක් ගැන දැන් අපට අසන්නට ලැබේ.
WhatsApp Android beta අනුවාදය 2.23.11.19 හි කොටසක් ලෙස නව screen-sharing විශේෂාංගය පරීක්ෂා කරයි. දැනට මිතුරන් සහ පවුලේ අය සමඟ calls සඳහා වඩාත් සුදුසු WhatsApp හි work calls වඩා හොඳින් පැවැත්වීමට screen-sharing විශේෂාංගය සහාය වනු ඇත.
WABetaInfo හි වාර්තාවක විශේෂාංගයේ screenshot එකක් ඇතුළත් වේ. එහි දැනට පවතින ongoing call navigation bar හි නව icon එකක් ඇති බව suggest කරනු ලබයි. මෙය මත tap කිරීමෙන් ඔබට ඔබේ screen එක අන් අය සමඟ share කරගැනීමට උදවු වේ. මෙය ආරම්භ කිරීමට පෙර, WhatsApp ඔබේ permission ඉල්ලා සිටිනු ඇත, එය privacy අතින් ගත්කල හොඳ දෙයකි. තවද, ඔබට අවශ්‍ය විටෙක එය start කිරීමට හෝ stop කිරීමට ඔබට හැකි වනු ඇත.
සැලකිල්ලට ගත යුතු දෙයක් නම්, මෙම විශේෂාංගය WhatsApp හි පැරණි අනුවාදවල සහ larger group video calls සඳහා ක්‍රියා නොකරනු ඇත. එය ඉක්මන් පරීක්ෂණයක් බැවින්, විශේෂාංගය ලබා දීමට සූදානම් වූ පසු වැඩි විස්තර ඔබට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු.
Source: Beebom, Engadget, WABetaInfo