ශ්‍රී ලාංකීය මෘදුකාංගයක් වන ManKiwwa සඳහා ජාත්‍යන්තර සම්මානයක්




මෙක්සිකෝවේ Puebla හි WSA Global Congress 2023 අතරතුර පැවති World Summit Awards හිදී ශ්‍රී ලාංකීය මෘදුකාංගයක් වන ‘ManKiwwa’ මෘදුකාංගය ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇත.

‘ManKiwwa’ යනු ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට මහජන ගැටලු පළාත් පාලන ආයතන වෙත වාර්තා කිරීමට උපකාර වන දේශීයව සංවර්ධනය කරන ලද මෘදුකාංග විසඳුමක් වන අතර එය ලොව පුරා ඩිජිටල් විසඳුම් අතර පිළිගැනීමට ලක්ව ඇත.

තාක්ෂණය උපයෝගී කර ගනිමින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UN SDG) සාක්ෂාත් කර ගැනීම සඳහා සහාය වීම වෙනුවෙන් ලොව පුරා සිටින හොඳම ජයග්‍රාහකයින් 40 දෙනාගෙන් එකක් ලෙස ‘ManKiwwa’ සම්මානයට පාත්‍ර විය.

Inclusion and Empowerment category යටතේ ලොව පුරා හොඳම මෘදුකාංග 5 අතරට ශ්‍රී ලාංකේය මෘදුකාංගය ද පිළිගැනීමට ලක්විය. ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ‘Mankiwwa’ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරි ෂොහාන් කුලසූරිය 2023 ජුනි 04 වන දින පැවති උත්සවයේදී ගෞරවනීය සම්මානය පිළිගත්තේය.

Source: NewsWire, Helakuru Esana

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *