Multiple account සහය, channels සහ තවත් බොහෝ විශේෂාංග WhatsApp වලට පෙර හඳුන්වා දී තිබු නිසා Telegram කීර්තියක් ලබා ඇත. දැන්, සමාගම privacy පිළිබඳ දැනුවත් පරිශීලකයින් සඳහා update එකක් නිවේදනය කර තිබෙනවා.
සමාගම බ්ලොග් සටහනකින් නිවේදනය කළේ එහි latest app update කිරීම ඔබට SIM කාඩ්පතක් නොමැතිව Telegram ගිණුමක් සඳහා ලියාපදිංචි වීමට ඉඩ සලසන බවත්, ඔබට ඒ සඳහා Fragment platform එකේ නිර්නාමික දුරකථන අංකයක් මිලදී ගැනීමට අවශ්‍ය වනු ඇති බවත්ය.
මෙම නිර්නාමික අංක Telegram සමඟ පමණක් භාවිතා කළ හැකි බව සඳහන් කිරීම වටී. එසේ වුවද, කුමන හේතුවක් නිසා හෝ (e.g. Privacy) ඔබගේ පවතින අංකය Telegram වෙත සම්බන්ධ කිරීමට ඔබට අවශ්‍ය නැතිනම් මෙය තවමත් ඉතා හොඳ විශේෂාංගයකි වෙනවා.
නවතම update එකේ කොටසක් ලෙස Telegram වෙත අලුතින් එක්කල එකම එකතු කිරීම මෙය නොවේ. ඔබ සියලු අලුත් chats සඳහා auto-delete functionality එක, groups වල වැඩිදියුණු කළ topics functionality එක, groups සඳහා “aggressive anti-spam” mode සහ username හෝ දුරකථන අංකයක් නොමැතිව පුද්ගලයන්ට ඔබව add කිරීමට හැකි වන පරිදි තාවකාලික QR code එකක් generate කිරීමේ හැකියාව ද ලැබේ.
Telegram විසින් iOS App එක සඳහා emoji search, Premium පරිශීලකයින් සඳහා custom emoji වැනි විවිධ emoji සම්බන්ධ වෙනස් කිරීම් ද ගෙන එනු ලබනවා.
අවසාන වශයෙන්, සමාගම විසින් Android App එකේ storage usage page එකට iOS සමඟ අනුකූලව නවීකරණයක් ලැබී ඇති බව තහවුරු කළේය. මෙයින් අදහස් කරන්නේ ඔබට chat මගින් storage usage බැලීමට මෙන්ම chat එකකින් සම්පූර්ණ media types delete කර දැමිය හැකි බවයි (e.g. Chat එකක ඇති සියලුම වීඩියෝ මකා දැමීම).
Source: Android Authority, Telegram Blog