WhatsApp හරහා High Quality Images Share කල හැකි නවතම විශේෂාංගය




බොහෝ දෙනා එකඟ වන පරිදි, WhatsApp විසින් images send කිරීමට පෙර ඒවා compress කරන ආකාරය, ඒවායේ quality එක සැලකිය යුතු ලෙස අඩු කරන ආකාරය එක් වේදනාකාරී කරුණකි. නමුත්, මෙය ඉක්මනින් වෙනස් වනු ඇතැයි අපේක්ෂා කරන අතර අවසානයේ අපට WhatsApp හරහා high-quality photos send කිරීමට සහ ලබා ගැනීමට හැකි වනු ඇත.

WABetaInfo හි මෑත වාර්තාවේ Android beta version 2.23.2.11 සඳහා WhatsApp හි කොටසක් ලෙස හඳුනාගෙන ඇති නව විශේෂාංගයක් ඉස්මතු කරයි. මෙම update එක මඟින් ඔබට send කරනු ලබන photos වල quality එක තෝරා ගැනීමට විකල්පයක් පෙන්වයි, එවිට highest quality ලබා ගත හැක.

Share කරගත් screenshot එකට අනුව, photo හෝ video යවන අතරතුර editing/drawing section තුළ නව settings option එකක් ඇත. මෙම නව option මඟින් photos compress නොකර ඒවායේ original quality එකෙන් යැවීමට ඔබට ඉඩ සලසයි. පහත screenshot එක බලන්න.

WhatsApp original quality images send

මීට පෙර, WhatsApp විසින් Automatic, Best Quality සහ Data Saver modes ආදි ක්‍රමවලින් images send කිරීමේ option හඳුන්වා දුන් නමුත් මේවා image quality එකට විශාල වෙනසක් ගෙන එන්නේ නැත. Images ඒවායේ original quality එකෙන් share කරගැනීම මගින් මිනිසුන්ට විශාල වේලාවක් ඉතිරි වන අතර email හෝ වෙනත් platform එකක් හරහා share කරගැනීමේ අවශ්‍යතාවයක් ඇති නොවේ.

සඳහන් කළ යුතු එක් දෙයක් නම්, මෙම විශේෂාංගය තවමත් ක්‍රියාත්මක අදියරේ වන අතර එය beta සහ stable යන දෙඅංශයෙන්ම පරිශීලකයින් වෙත ළඟා වන්නේ කවදාද යන්න පිළිබඳව වචනයක් නොමැත. මෙය සිදුවන්නේ නම්, එය බොහෝ විට iOS භාවිතා කරන්නන් සඳහාද අපේක්ෂා කෙරේ. මේ පිළිබඳ නිල වශයෙන් ලැබුණු පසු අපි ඔබට මේ ගැන පළ කරන්නෙමු.

මේ අතර, WhatsApp ඔබට texts, photos සහ videos share කරගැනීමට අමතරව voice notes ද Statuses ලෙස share කරගැනීමේ හැකියාව ද පරීක්ෂා කරයි. මේ සියල්ල ඉක්මනින්ම සියලු දෙනා වෙත ළඟා වීමට බලාපොරොත්තු වේ.

Source: Beebom, WABetaInfo

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *