OBS Studio කියන්නේ live streaming සහ video recording වලට පාවිච්චි කරන ජනප්‍රිය free open source software එකක්. මේක උත්සව අවස්ථාවක camera කීපයකින් ලැබෙන දර්ශන සහ ශබ්ද කළමනාකරණය කරල ඒක පටිගත කරන ගමන් සජීවී විදිහට විකාශය කරන්න වගේ ලොකු වැඩ වලට උනත් පාවිච්චි කරන්න පුළුවන් software එකක්. මේක Microsoft Windows වල වගේම Apple mac OS සහ Linux OS වලත් පාවිච්චි කරන පුළුවන්.
මේක පාවිච්චි කරලා මේ වගේ වැඩ ගොඩක් ගන්න පුළුවන්.
- අපේ screen එක හෝ zoom meeting record කරන්න සහ අවශ්‍ය නම් ඒ meeting Facebook හා YouTube live විදිහට broadcast කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්.
- අපේ webcam, වෙනත් video input සහ screen capture video feed එක විවිද ආකාරයෙන් සජීවීව සංස්කරණය කරලා ඉදිරිපත් කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට video එකට මත අකුරු, රුප සටහන් කිරීම, පසුබිම ඉවත් කිරීම crop කිරීම, resize කිරීම, විවිධ filters දැමීම ආදිය කරන්න පුළුවන්.
- Video එක මත තව video එකක් සජීවීව ඇතුලත් කරන්න පුළුවන්. උදාහරණකට, ඔයා යම් tutorial එකක් record කරනවා නම් screen එකේ කෙරවලකින් ඔයාගේ web cam එකේ video එක පොඩියට පෙන්නන්න පුළුවන්.
- සජීවී හෝ පටිගත කරපු දර්ශන නිවැරදිව කළමනාකරණය කරලා projector එකක් හරගා පෙන්නන්න පුළුවන්.
- Plugins install කරලා තවත් අමතර පහසුකම් මේකට එකතු කරගන්නත් පුළුවන්.
මේ වැඩසටහන භාවිතයේ තියන ප්‍රධානම ගැටලුව තමයි මේකේ තියන විශාල පහසුකම් ප්‍රමාණය නිසාම මේක භාවිතා කරන එක ටිකක් විතර සංකීර්ණ වීම. කොහොම නමුත් internet එකේ මේ සම්බන්ද හැම දෙයක්ම ගැනම tutorial ලිපි සහ video හොයාගන්න තියන නිසා ඒ හරහා තමන්ට අවශ්‍ය ආකාරයට මේ වැඩසටහන සකසාගන්න පුලුවන්.
ඔබට පුළුවන් OBS Studio නිල වෙබ් අඩවියට පිවිස මේ වැඩසටහන නොමිලේම download කරගන්න.
Source: Coding පන්තිය, Restream