Video Editing වලට නොමිලයේ ලබාදෙන DaVinci Resolve Software එක




ඉතින් අද අප මේ ලිපියෙන් කතාබහ කිරීමට බලාපොරොත්තු වන්නේ සම්පූර්ණයෙන්ම නොමිලයේ අපගේ පරිගනකයට ස්තාපනය කරගත හැකි video editing වලට ගැලපෙන ඉතා හොද software එකක් පිලිබදවයි.

සාමාන්‍යයෙන් අප හැමදෙනාම දන්න අහලා පුරුදු Adobe Premiere Pro Software එක video editing සදහා ඉතාමත් සුදුසු වුවත් එය භාවිතා කිරීමට නම් යම් මුදලක් අපහට ගෙවීමට සිදුවේ. නැතහොත් එය අපගේ පරිගනකයට ස්ථාපනය කරගැනීමට හැකි වන්නේ වෙනත් නීතී විරෝධී ක්‍රමයක් මගිනි. Adobe Premiere Pro Software එකට සමාන Features ම තිබෙන සහ ඊට වඩා පහසු Interface එකකින් මෙම video editing software එක සමන්විත වේ.

මෙම Software එක විශේෂයෙන්ම YouTube එක සදහා video හදන අයට වගේම මේ වෙනකොටත් editing යම් ප්‍රමාණයක් කරන අයට ඉතාමත් වැදගත් වන Software එකක් විදිහට හදුන්වා දෙන්න පුලුවන්. මෙහි විශේෂත්වය වන්නේ සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන software එකක් වගේම Watermark කිසිම දෙයක් අන්තර්ගත නොවීමයි. මෙහි Plugins කිසිම දෙයක් කිසිම ආකාරයකින් Limit කිරීමක් ද කර නොමැත. නමුත් මෙහි ඇති එකම Limitation එක වන්නේ 4K video out කිරීමට ඇති නොහැකි බවයි. එය කිරීමට නම් යම් මුදලක් එම software එක සදහා ගෙවීමට සිදුවේ.

ඔබට දැන් මෙම Software එකේ DaVinci Resolve 18 එකද මෙම blackmagicdesign.com වෙබ් අඩවිය මගින් Download කරගැනීමේ හැකියාව ඇත.

Source: TechNews.LK

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *