Shortcut Button එකක් ලෙස භාවිතා කළ හැකි Apple දුරකතනයේ පිටුපස ඇති Apple Logo එක




Apple දුරකථනයක බාහිරින් ඇති ආකර්ෂණීයම කොටස වන්නේ 3D feel එකක් ලබා දෙන Apple logo එක බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ. නමුත් එය තවදුරටත් නිකන්ම Logo එකක් පමණක් නොවන බව ඔබ දන්නවාද?

iPhone 8 වල සිට සහ iOS 14 සිට ඉහල iOS version එකක් ඔබේ Apple  දුරකථනයේත් ධාවනය වෙනවානම්, දැන් ඔබට එම Apple logo එක shortcut button එකක් ලෙස භාවිතා කරන්නට පුලුවන්.

“Back Tap” ලෙස හඳුන්වන මෙම නවතම විශේෂාංගය ඔබට , Settings හි Accessibility වෙත ගොස් එතනින් Touch යන option එක පිවිස menu එක පහළට ගිය පසු ලැබෙන ‘Back Tap” කියන option එකෙන් activate කරගන්න පුලුවන්. ඒ වගේම ඔබට Apple logo එක double tap කල විට, triple tap කල විට කුමන features එකක් enable වෙන්න ඕනෙද කියල select කරගන්නත් හැකියාව තියෙනවා.

iPhone back tap gesture setup

මේ feature එකෙන් ඔබට volume control, screenshots, returning to the Home or Lock screens or switching between apps, Apple Siri active කරගන්න වගේ විශාල features ප්‍රමාණයකට access දෙන්න පුලුවන්. Double tap කලොත් කුමක් සිදුවිය යුතුද යන්න හා triple tap කලොත් කුමක් සිදුවිය යුතු ද යන්න ලෙස ඔබට එකවර features දෙකක්ම භාවිතා කරන්නත් මේ feature එකෙන් හැකියාව තිබෙනවා.

කොහොම උනත් ඔබ ඔබේ iPhone එකට ඝනකමින් වැඩි back cover එකක් පාවිච්චි කරනවා නම්, මේ feature එක හරියට ක්‍රියාත්මක නොවන බවටත් මතක තබාගත යුතුයි.

Source: TechNews.LK, Apple Support

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *