Covid-19 වසංගත තත්ත්වය හේතුවෙන් NYC Apple Stores ගණනාවක් වසා දැමේ

Englishहिन्दीBahasa IndonesiaРусскийසිංහලதமிழ்



ලොව පුරා නැවතත් Covid-19 වසංගත තත්ත්වය සීඝ්‍ර ලෙස වර්ධනය වීමේ ප්‍රවණතාවයක් මේ වනවිට අපට දැක ගත හැකිය. Covid-19 ආසාදිතයින්ගේ වැඩිවීම හේතුවෙන් අමෙරිකාවේ New York නගරයේ Apple Stores ගණනාවක් වසා දැමීමට සිදු වී තිබෙනවා.

එම සේවා ස්ථාන අතරින් බහුල වශයෙන් Covid-19 ආසාධිත සේවකයින් වාර්ථා වීමත්, නගරය තුළ පැතිර යන Covid-19 වසංගත තත්ත්වයත් හේතුකොටගෙන මෙම තීරණය ගෙන ඇති බව Apple ආයතනය පවසා තිබෙනවා. MacRumors වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට මෙම නිවේදනයට පෙර වසංගත තත්ත්වයේ බලපෑම් හේතුවෙන්, අද දින ප්‍රකාශයට පත් කළ ස්ථාන 20 කට වඩා වැඩි ප්‍රමාණයක් Apple වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

Services at Apple Upper West Side tecroom lk

කෙසේ වෙතත් මාර්ගගත ඇණවුම් සුපුරුදු පරිදි සිදු වන අතර එම ඇණවුම් ලබා ගැනීම සඳහා තවමත් එම සේවා ස්ථාන විවෘතව පවතී. නමුත් එම ස්ථාන වල Genius Bar තාක්ෂණික සහය හෝ සාප්පු සවාරි සහ අනෙකුත් සේවා සඳහා පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙන්නේ නැත. වත්මන් තත්ත්වය කොපමණ කාලයක් සඳහා ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව කිසිඳු වාර්ථාවක් Apple ආයතනය විසින් තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.

Source : The Verge, MacRumors, TechNews.LK

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published.