Password කළමනාකරණය කරගන්න නොමිලේම දෙන Bitwarden Password Manager

Englishहिन्दीBahasa IndonesiaРусскийසිංහලதமிழ்



අද කාලේ internet පාවිච්චි කරන හැමෝටම වගේ අඩුම ගානේ විවිධ account වලට පිවිසීම සදහා පාවිච්චි කරන credentials (username, password) කිහිපයක් හෝ තියනවා. හැබැයි ඔබ IT විෂයට සම්බන්ද කෙනෙක් නම් මෙම ගිණුම් ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වෙනවා. ඉතින් මේ හැම ගිණුමකටම අදාල විස්තර මතක තියාගන්නේ කොහොමද?

සමහර අය මේකට පාවිච්චි කරන ඉතාම නරක විසදුමක් තමයි ගිණුම් කිහිපයකටම එකම password එක පාවිච්චි කරන එක. ඒ විදිහට කරන කෙනෙක් ගේ එක් account එකක් හරහා මේ common password එක leak උනොත් ඒ සම්බන්ද අනිත් සියලුම ගිණුම් අනතුරේ වැටෙනවා.

මේකට හොදම විසඳුම

විශ්වාසවන්ත Password Manager එකක් පාවිච්චි කරල අපේ password සියල්ල කළමනාකරණය කරගන්න පුළුවන්. මම පුද්ගලිකව පාවිච්චි කරන්නේ Bitwarden කියන Open Source password manager එක. මෙහි ගිණුමක් සකසා ගත් පසුව අපිට මෙය browser extension එකක් විදිහට අපේ desktop එකට සම්බන්ද කරගන්න පුළුවන් වගේම mobile app එක පාවිච්චි කරලා phone එකේ password manage කරන්න පුළුවන්. මේ Bitwarden Password Manager එකේ website එකට මෙතනින් යන්න.

Bitwarden Password Manager ලබාදෙන පහසුකම්

• ඔබ පිවිසිලා සිටින වෙබ් අඩවියට හෝ app එකට අදාල password එක පළමු වර පිවිසීමේදී automatically store කරගෙන පසුව පිවිසීම් වලදී පහසුවෙන් auto fill කිරීමේ හැකියාව.

• Autofill කිරීමේදී අදාල domain එක සහ certificates නිවැරදිව පරික්ෂා කර බලන නිසා phishing attack වලට හසුවීමේ අවදානම අඩු වීම.

• අලුත් random සහ ශක්තිමත් password පහසුවෙන් generate කරන්න පහසුව.

• Password වලට අමතරව වෙනත් වැදගත් තොරතුරු (බැංකු card අංක, සටහන් ආදිය) සුරක්ෂිතව ගබඩා කිරීමේ සහ share කිරීමේ පහසුකම්.

මේ ගැන සැලකිලිමත් වන්න

• Password manager ගිණුම සදහා ඉතා ශක්තිමත් සහ එයටම සුවිශේෂී වූ password එකක් යොදන්න.

• Password manager ගිණුමට සම්බන්ද 2 step authentication වැනි සියලු අරශ්ෂක ක්‍රම සක්‍රීය කරන්න.

• Password manager ගිණුම සදහා භාවිතා කරන credentials අමතක නොවන ආකාරයට සුරක්ෂිතව තබාගන්න. මෙම password manager ගිණුම් වල password එක අමතක වුවහොත් ගිණුම recover කිරීමේ හැකියාවක් නැති විය හැක.

• විශ්වාසවන්ත password manager එකක් පාවිච්චි කරන්න.

Source: Coding පන්තිය

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published.