Fatal RAT භයානක Trojan වෛරසය




Telegram හරහා පැතිරෙන Trojan වර්ගයේ වෛරසයක් පිළිබඳ ව AT&T Alien Labsවල security researcherලා පිරිසක් පසුගිය දිනෙක අනාවරණය කිරීමක් සිදු කළා. Fatal RAT නමින් හැඳින්වෙන මෙම වෛරසය Telegram Channels සහ Group හරහා පැතිරෙන බව තමයි දනට අනාවරණය ව තිබෙන්නේ. මේ වෛරසය පහසුවෙන් පරිශීලකයන් සහ සාමාජිකයන් අතර පතුරවන්න පුළුවන් වෙන්නේ Telegram Channels සහ Groupවල ඇඩ්මින්වරුන්ට වීම විශේෂයක්. ප්‍රධාන වශයෙන් Windows මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරගෙන නිර්මාණය ව තිබෙන මෙම වෛරසයට ඔබේ Windows registry ය වෙනස් කිරීමට පවා හැකියාව තිබෙනවා.
 
කියන්න තියෙන්නේ ඔය Telegram එකේ තියන හැම group එකක් අස්සට යන්නයි, හැම එකක්ම download කරන්නයි එපා කියලා.
 
පුලුවන් තරම් හැමදාම වගේ update එන virus ගාඩ් එකක් දාගෙන ඉන්න. ඒකෙන් ටිකක් හරි ආරක්ශාවක් තියෙයි. Pc එකේ තියන firewall එකත් ඕපන් කරගෙන නම් ඉන්නේ ඒකෙනුත් යම් තරමක් ආරක්ශාවක් ලැබෙනවා.. තමන්ගේ ආරක්ශාව තමන් සතුයි.
 
Source : AT&TSoftpediaTechnews.lk
Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *