Google සහ Apple සමාගම් විසින් භාවිතා නොකරන Apps ඉවත් කිරීමට සුදානම් වේ




Google සහ Apple සමාගම් විසින් අත්හැර දැමූ apps හෝ වසර දෙකකින් update නොකළ apps තම play store සහ app store තුලින් ඉවත් කිරීම පිළිබඳ කටයුතු කිරීමට පියවර ගෙන ඇත. Google සම්බන්ධයෙන් ගත් කල, එය apps 869,000 ක් වන අතර Apple සතුව 650,000 ක් පමණ ඇත. Google එම apps සැඟවීමට සූදානම් වන අතර, සංවර්ධකයින් ඒවා update කරන තුරු පරිශීලකයින්ට ඒවා download කළ නොහැක.

සමාගම් දෙකම මෙම ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන හේතුව තම පරිශීලකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. Older apps Android සහ iOS හි වෙනස්කම්, නව APIs හෝ වැඩි දියුණු කළ ආරක්ෂාවක් ගෙන එන නව development methods වලින් ප්‍රයෝජන නොගනී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, older apps වල newer apps වල නැති ආරක්ෂක දෝෂ තිබිය හැක.

ඒ අතරම, සමහර සංවර්ධකයින් වසර දෙකකින් update නොකළ apps ඉවත් කිරීමට සැලසුම් කිරීම ගැන සමාගම් වලට පැමිණිලි කර ඇත. Apple සහ Google හි ක්‍රියාවන් ඔවුන් මත අසාධාරණ බරක් පටවන බව එවැනි සංවර්ධකයින්ට හැඟේ.

කෙසේ වෙතත්, කිසිදු සමාගමක් තම තිරණය වෙනස් කිරීමට කැමැත්තක් නොදක්වන අතර, තම පරිශීලකයන්ගේ ආරක්ෂාව සඳහා මෙය ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරනවා.

Source: Android Authority, The Verge

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *