Android සඳහා Incognito Tab Lock කිරීමේ පහසුකම එක් කරයි




Android සඳහා වන Google Chrome වෙතට දැන් ඔබ view කරන Incognito tab lock කිරීමට සහ biometric authentication හරහා ඒවා unlock කිරීමට හැකියාව ලබාදී තිබේ. මෙය ඉතා ප්‍රයෝජනවත් බව පෙනේ, විශේෂයෙන් ඔබගේ දුරකථනය වෙනත් අයෙකු සමඟ ඇති අවස්ථා සඳහා.

ඔබ Incognito mode හරහා browse කරන විට සහ tab වලින් exit වන විට මෙය ක්‍රියා කරයි. එබැවින්, ඔබ Incognito tab එකකින් exit වූ පසු, ඔබ එය නැවත open කළ විට, “Unlock Incognito” යන option සමඟ gray screen එකක් දිස්වනු ඇත. මෙය මත tap කිරීම සඳහා fingerprint unlock කිරීම හෝ PIN එක අවශ්‍ය වන අතර ඔබගේ unlock වීම ⁣සාර්ථක නම් ඔබට tab වෙත පිවිසිමට හැකියාව ලැබේ. වෙනත් tab බැලීමට අමතර option එකක් ද ඇත. මෙම හැකියාව දැනටමත් iOS සඳහා වන Google Chrome වෙත ලබාදී ඇත.

Chrome හි Incognito Tabs Lock කරන්නේ කෙසේද?

ඔබ මෙය ආරම්භ කිරීමට පෙර, මෙම පහසු Chrome විශේෂාංගය Android භාවිතා කරන්නන් සඳහා පුළුල් ලෙස ලබා ගත නොහැකි බව ඔබ දැනගත යුතු අතර ඔබට එය අවශ්‍ය නම්, ඔබගේ Android දුරකථනයේ Chrome app එකෙහි search bar එකේ flag එකේ නම ඇතුළත් කිරීමෙන් “chrome://flags/#incognito-reauthentication-for-android” Chrome flag එක enable කිරීමට සිදුවේ. Flag එක enable කළ පසු, Google Chrome app එක relaunch කර මෙම පියවර අනුගමනය කරන්න.

01. Google Chrome හි hamburger menu එක තෝරන්න.

Google chrome on android

02. Settings option එක තෝරන්න.

Google chrome settings

03. දැන්, Privacy and Security option වෙත යන්න.

Google chrome privacy and security

04. ඉන්පසු “Lock Incognito tabs when you leave Chrome” option එක enable කරන්න.

Google chrome lock incognito tab

05. අවසන් වූ පසු, ඔබගේ fingerprint එක හෝ PIN එක යොදාගෙන එය enable වී ඇති බව තහවුරු කරන්න.

මේ නව Google Chrome විශේෂාංගය ඉක්මනින් වැඩි පිරිසකට වෙතට ලබාදීමට සමාගම බලාපොරොත්තු වන අතර, ඔබ එය උත්සාහ කරන්නේ නම් නව Chrome විශේෂාංගය සමඟින් ඔබේ අත්දැකීම අපට දන්වන්න පහලින් comment කරන්න.

Source: Beebom, 9To5Google

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *