Google විසින් Search Results වලින් සෘජුවම Cloud Games Launch කිරීමේ පහසුකම ලබාදෙයි




Google සමාගම තම Cloud Gaming Service එකක් වන Stadia අත් නොහරින බවට තවත් එක් ලකුණක් නම්, සමාගම විවිධ cloud games services ඔවුන්ගේ search results වලට ඒකාබද්ධ කර ඇති පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පෙනේ. තවද එය Stadia games වලට අමතරව, Xbox Cloud Gaming, Nvidia GeForce Now, සහ Amazon Luna ඇතුළු අනෙකුත් සේවාවන් ද විශේෂාංගයේ කොටසක් ලෙස යොදාගෙන තිබෙනවා.

Nerf Report’s Bryant Chappel විසින් Google හි search results වල මේ නව විශේෂාංගය දුටු අතර එය ක්‍රියා කරන ආකාරය tweet එකකින් පෙන්වා තිබෙනවා. එයට අනුව Google හි search bar එකෙහි game එකක නම ටයිප් කරන්න. එසේම එය තිබෙන streaming services අසල Play බොත්තමක් සමඟ sidebar එකෙහි දිස්වේ. මෙය මත click කරන්න, එය launch කරන විට ඔබව කෙලින්ම ක්‍රීඩාව වෙත ගෙන යනු ඇත.

මෙම විශේෂාංගය Microsoft හි Xbox Cloud Gaming service එක ද ආවරණය කරන බව Chappel follow-up tweet එකක සඳහන් කර ඇත. Amazon Luna සහ ජනප්‍රිය Nvidia GeForce Now ද search results integrate කර ඇත.

ඇත්ත වශයෙන්ම, ඔබට Google හි මේ අලුත් විශේෂාංගයෙන් ප්‍රයෝජන ගැනීමට නම් ඔබට මෙම සේවාවන් සඳහා subscription එකක් අවශ්‍ය වන අතර, ඔබ දැනටමත් ඒවාට sign up වී නොමැති නම් එය ඔබව කෙලින්ම log in page එක වෙත ගෙන යනු ඇත.

Search results page එකේ මෙම options සෑම දෙනාටම නොපෙනෙන බැවින්, එය විශේෂාංගය පිළිබඳ උනන්දුව මැන බැලීම සඳහා Google විසින් සිදුකරන A/B Test එකක් විය හැකිය. Stadia හි ජනප්‍රියත්වය ඉහළ නැංවීමට Google සමාගම නිසැකවම තවත් ක්‍රම සොයනු ඇත. මෙම මස මුලදී, troubled streaming service වසා දමන බවට ප්‍රකාශයක් වාර්තා විය. සමාගම මෙය සාවද්‍ය බව තහවුරු කළද, මිනිසුන් එය විශ්වාස කිරීමට එතරම් පහසු වූයේ මන්දැයි තේරුම් ගැනීම පහසුය.

Source: Techspot, Chrome Unboxed

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *