අද කියන්නේ යන්නේ Keyword Research එකක් කරන්නේ කොහොමද කියලා. මේක මම පුළුවන් තරම් සරලව කියන්නම්, මම use කරන techniqueක් කිහිපයක් තියෙනවා ඒවායින් එකක් කියලා දෙන්නම් අද. Spy competitors websites and find the best keywords..
මුලින්ම ඔයා ඔයාගේ competitors ලව හදුනාගෙන ඉන්න ඕනි. මේක ඔයාට manually කරන්නත් පුළුවන්, නැත්තම් SEO tools use කරලා කරන්නත් පුළුවන්. (අඩුම competitors ලා 10ක් වත් analyse කරන්න. Reports හදාගන්න. මේ වැඩේට ඔයාට Ahrefs හරි Semrush හරි use කරන්න පුළුවන්. මේවා ටිකක් ගණන් තමා ඒත් ඔයාලට මේවා අඩුවට දෙන අය හොයා ගන්න පුළුවන් ebay එකෙන් වගේ, පුළුවන් තරම් share acc නැතුව personal ම acc එකක් buy කරන්න බලන්න.) දැන් හරි එහෙනම් අපි අපේ competitors ලව හදුනගත්තා. දැන් එයාලගේ වීක් point ටික අල්ලන්න යන්නේ.
මු මේ මොනවා කියනවද? Keyword Research එකක් කරන්න කොහොමද කියලා competitors ලගේ සයිට්ස් analyse කරන්න කියනවා අනේ මන්ද පිස්සුද කියලා. ඉන්න ඉන්න, දැන් ඔන්න අපි එහෙනම් competitorsලව හදුනගත්තා. දැන් තමා වැඩේට බහින්නේ, දැන් අපි හොයා ගන්න ඕනි අපේ competitors ලගේ websites වල most popular pages ටික. ඊට පස්සේ ඔයාලට ඒ competitors ලගේ websites වල most popular pages ටික Ahrefs එකට දාලා බලාගන්න පුළුවන් ඒ ඒ pages වල authority එක, ඊට පස්සේ අන්න අපි බලනවා ඒ ඒ pages වලට create වෙලා තියෙන backlinks ප්රමාණය. මේවා මේ කියන තරම් ලේසියෙන් මතකයෙන් කරන්න බැ , මම නම් මේකට වෙනම excel sheet එකක් use කරනවා note down කරන්න. දැන් අපි හොයාගන්නවා links අඩුවෙන්නම create වෙලා තියෙන ranking pages ටික. අන්න ඒ pages ටික අපි ආයෙම analyse කරනවා ranking වෙලා තියෙන keywords මොනවද කියලා. ඊට පස්සේ එතනින් ඔයාට හොයා ගන්න පුළුවන් KD (Keyword Difficulty) එක අඩු keywords ටික.
ඇයි මන් මේ KD එක අඩු keywords තොරගන්නේ? ඇත්තටම backlinks create කරන එක අමාරු නිසා තමා මම KD එක අඩු keywords වලට යන්න කියන්නේ. මොකද KD එක අඩු keywords වලට ගියාම ඔයාට පුළුවන් ඔයාගේ වෙබ් page එකට backlinks create නොකර බොහෝ වෙලාවට rank කරගන්න. ඔයාට backlinks create කරන එක ගැන ප්රශ්නයක් නැත්තම් KD එක average තියෙන එකකින් පටන් ගන්න. (සැ.යු. backlinks ඔහේ create කරලා හරි යන්නේ නැ, backlinks create වෙන්න ඕනි කොහොමද කියලා දැන ගන්න මම කලින් දැම්ම පොස්ට් එක බලන්න.) දැන් මෙහෙම KD එක අඩු keywords ටික හොයාගත්තට පස්සේ (එක competitor කෙනෙක්ගේ නෙවේ, අඩුම 10 දෙනෙක්ගෙවත්) note down කරගන්න KD එකයි Monthly search volume එකයි. ඊට පස්සේ ඔයාගේ rank කරගන්න ඕනි වෙබ් page එකට අදාළ වෙන keywords ටික හොයාගෙන contents create කරන්න පටන් ගන්න. ටික කාලයක් යද්දී ඔයාටම improve එකක් බලාගන්න පුළුවන්.
මේ කියල දුන්නේ competitors ලගේ websites spy කරලා keyword research එක කරන විදිය, තව දවසක කියලා දෙන්නම් search console එකෙන් Keyword Research එකක් කරන්නේ කොහොමද කියලා…
Written by: Marshal Fonseka