Opera Browser දැන් Emoji වලින් පමණක් සමන්විත URL වලට සහය දක්වයි




Web Browser නිර්මාණය කරන සමාගමක් වන Opera සමාගම ප්‍රකාශ කර ඇත්තේ අන්තර්ජාලයට නිර්මාණශීලීත්වයේ නව මට්ටමක් ගෙන ඒම සඳහා Emoji පමණක් පදනම් කරගත් වෙබ් ලිපින සක්‍රීය කරන බවයි. මේ ක්‍රියාවලියට Opera සමාගම සමඟ Yat සමාගම හවුලේ කටයුතු කරන අතර, Yat සමාගම යනු Emoji සහිත URL අලෙවි කරනු ලබන සමාගමකි.

Yat යනු Domain Registrar සේවාවක් වන අතර, මෙහි ඇති විශේෂත්වය නම් යමෙකුට Emoji වලින් සමන්විත URL මිලදී ගැනීමට අවශ්‍ය නම් එයට සහය දක්වන සේවාවක් වීමයි. ඇත්ත වශයෙන්ම Yat යනු Emoji සමන්විත URL මිලදී ගැනීමට ඇති සේවාවකි. Yat එකක හිමිකරැවෙකුට ඔවුන්ගේ Emoji String එ⁣ක යොදාගෙන NFT නිර්මාණය කළ හැකි අතර, අවසානයේදී පරිශීලකයින්ට ඔවුන්ගේ Yats Electronic Payments හා සම්බන්ධ කිරීමට සමාගම සැලසුම් කරයි. සමාගමට අනුව, Yats මුල් Users අතර සංගීතඥයෝ වෙති. ඒ අතර Lil Wayne, Steve Aoki, G-Eazy, Young Money, 3LAU, Disclosure සහ Kesha විශේෂ වේ. උදාහරණයක් ලෙස, ඇමරිකානු පොප් ගායිකා Kesha ගේ Yat පිටුව Rainbow Rocket Alien ( 🌈️🚀👽) යන Emoji වලින් ක්‍රියාකරයි , ඉන් පසුව y.at, එය ඇගේ Kesha’s World වෙබ් අඩවියට Redirects කරනු ලබයි.

Opera browser now allows emoji only web addresses

Yat සම-නිර්මාතෘ Naveen Jain පැවසුවේ Yat Emoji URL පරිශීලකයින්ට ඔවුන්ගේ Internet Identity එක Personalize කිරීමට ඉඩ සලසන බවත්, නිර්මාණකරුවන්ට, කලාකරුවන්ට සහ වෙනත් අයට වැඩි Online Visibility එකක් ලබා දීමට ඉඩ සලසන බවයි. Yat සමාගම පෙබරවාරි 1 වන දින Yat පිටු හඳුන්වා දුන්නේය.

Opera සමඟ ඒකාබද්ධ කිරීම සමඟින්, පරිශීලකයින්ට වෙනත් Browser වල මෙන් Yat පිටුවේ වෙබ් ලිපිනයේ y.at කොටස ටයිප් කිරීමට අවශ්‍ය නොවනු ඇත. එබැවින් Opera හි Kesha ගේ Yat පිටුවට යාමට, ඔබ Rainbow Rocket Alien (🌈️🚀👽) යන Emoji පමණක් ටයිප් කළ යුතුය වේ.

Source : Opera Blogs, The Verge

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *