iPhone 14 ජංගම දුරකථනයෙන් Notch එක ඉවත් වන ලකුණු




Apple දුරකථන වලින් Notch එක ඉවත් කිරීම සම්බන්ධයෙන් වන කතිකාවත අලුත් එකක් නොවන අතර එය වසරින් වසර අලුත් වෙමින් තිබෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

වෙන කවරදාටත් වඩා දැන් දැන් ඒ පිළිබඳ සංවාදය වැඩිවෙමින් තිබෙන අතර ඇතැම් විශ්වාසදායි මූලාශ්‍ර ද ඒ පිළිබඳව තහවුරු කරමින් සිටිනවා.

Apple නිෂ්පාදන පිළිබඳ සාර්ථක අනාවැකි පලකල සුප්‍රකට Bloomberg වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන Mark Gurman විසින් ද සිය Podcast වැඩසටහනක දී මේ පිළිබඳ අදහස් පළ කර තිබෙන අතර, ඔහුට අනුවද 2022 දී Apple ඇතැම් දුරකථන වලින් සමහරවිට Notch එක ඉවත් වනු ඇති බවට මත පළකර තිබෙනවා.

iphone 14 pro punch hole rumor tecroom lk

Apple සමාගම කලක සිටම Under Display  Face ID technology  එකක් සම්බන්ධයෙන් වැඩ කරමින් සිටින බව රහසක් නොවන අතර, මේ නිසා යම් හෙයකින් Apple දුරකථන වලින් Notch එක ඉවත් වන්නේ නම්, Face ID සඳහා මෙම Under Display face ID technology  එක භාවිතා වෙනු ඇති.

iPhone 14 Pro සහ Pro Max මෙලෙස Punch hole display සහිතව නිකුත් වෙනු ඇති බව මීට පෙර ද Ming-Chi Kuo වැනි analysts වරුන් සහ වෙනත් වෙබ් අඩවි විසින්ද වාර්තා කර තිබුණා.

Source : Mac Rumors, GSM Arena, TechNews.LK

Advertisment


Share

Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *