SLT, BOI සහ Port City ජනාධිපතිගේ පාලනයෙන් ඉවතට




අප මීට පෙර ලිපියකින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT), ආයෝජන මණ්ඩලය (BOI) සහ කොළඹ වරාය නගරයේ (Port City) ආර්ථික කොමිෂන් සභාව තමා යටතට ගන්නා බව නිවේදනය කර තිබෙන බව වාර්තා කරනු ලැබුවා.

කෙසේ වෙතත්⁣ මෙලෙස ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබුණ ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT), ආයෝජන මණ්ඩලය (BOI) සහ කොළඹ වරාය නගරයේ (Port City) ආර්ථික කොමිෂන් සභාව යන ආයතන අතිවිශේෂ ගැසට්පත්‍රයක් මඟින් නව අමාත්‍යාංශයක් වන තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබෙනවා.

Gazette

මීට අමතරව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂණ් සභාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැණි ප්‍රයිවට් ලිමිටඩ්, ටෙක්නෝපාක් ඩිවලොප්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ්, තොරතුරු තාක්ෂණ උද්‍යාන (යාපනය සහ මන්නාරම), කාර්මික තාක්ෂණ ආයතන, ශ්‍රී ලංකා ඉන්ස්ට්ටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතතය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය යන ආයතන ද මේ තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබෙනවා.

Source: News 1st

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *