USB-C Port එක සහිත ප්‍රථම Apple iPhone දුරකථනය 2023 දී




විශ්ලේෂක Ming-Chi Kuo ට අනුව, Lightning වෙනුවට USB-C port එකක් භාවිතා කරන පළමු iPhone දුරකථනය iPhone 15 වනු ඇත. ඔහුගේ තොරතුරු supply chain sources යැයි කියනු ලබන අතර ඔහුගේ අනාවැකි බොහෝ විට සත්‍යවේ.

මේ වනවිටත් Apple සමාගම විසින් භාවිතා කරන Lightning port වෙනුවට universal සහ plain better USB-C ආදේශ කරන බවට වාර්ෂිකව කටකතා පැතිරේ. Kuo විසින්ම වසර ගණනාවක් පුරා මෙම පියවර කිහිප වතාවක් පුරෝකථනය කර ඇත.

මෙම නවතම තොරතුරු අනාවරණය වුවහොත්, iPhone 14 series එක අවසන් Lightning සහිත iPhone වනු ඇත. Apple සමාගම විසින් දැනටමත් ඔවුන්ගේ බොහෝ උපාංග සඳහා USB-C වෙත ගෙන ගොස් ඇති අතර, iPhone හැරුණු විට entry-level iPad සහ AirPods පෙළගැස්ම පමණක් ඉතිරි කර ඇත.

iPhone 15 USB-C දුරකථනය faster charging සහ broader connectivity, විශේෂයෙන්ම Apple හි USB-C-powered devices සමඟ භාවිතා කිරීමෙන් විවිධ ආකාරවලින් ප්‍රතිලාභ ලබයි.

Source: Gsmarena, MacRumors, 9to5Mac

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *