අපි computer එකේ පාවිච්චි කරන operating system එකට අමතරව තවත් OS එකක් පාවිච්චි කරන්න ඕනේ නම් අපිට dual boot විදිහට ඒ OS එක Install කරගන්න පුළුවන්. නමුත් මේ විදිහට කරන එක ටිකක් කරදර වැඩක්. ඒ වගේම වැරදීමක් උනොත් ඔක්කොම වැඩකරන්නේ නැතිව යන්නත් පුළුවන්. මේකට තියන අනිත් විකල්පය තමයි Virtual PC හදන එක. ඒ සදහා මේ VirtualBox කියන Free Software එක පාවිච්චි කරන්න පුළුවන්.
මෙතැනදී වෙන්නේ මේ වැඩසටහන පාවිච්චි කරලා අපේ computer එකේ තවත් program එකක් විදිහට virtual computer හදන එක.
මේ හරහා අපිට මේ වගේ පහසුකම් ලැබෙනවා:
අපේ hard disk එකේ තියන ඉඩ ප්‍රමාණය අනුව අපිට කැමති ප්‍රමාණයක් virtual PC හදන්න පුළුවන්. ඒවාට අපි කැමති විවිධ OS දාල වැඩකරන්න පුළුවන්.
එක වර මේ හදන virtual PC කිහිපයක් උනත් ක්‍රියාත්මක කරන්නන පුළුවන්. අවශ්‍ය නම් වෙනම monitor එකක් keyboard, mouse ආදිය assign කරලා වෙනම computer එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්.
එක් එක් virtual PC එකට අවශ්‍ය ප්‍රමාණයට System resources පහසුවෙන් බෙදල දෙන්න පුළුවන්. කොහොම නමුත් ඔබේ physical computer එකේ system resources ප්‍රමාණයට අනුව මේ හැමදේම සීමා වෙනවා.
අපිට පරිගණක වල පිටපත් වගේම snapshot හදන්න පුළුවන්. ඒ නිසා අපි කරන යම් අත්හදා බැලීමකින් virtual PC එක වැඩකරන්නේ නැතුව ගියොත් snapshot එකක් හෝ පිටපතක් පාවිච්චි කරලා ලේසියෙන් නැවත එය සකසාගන්න පුළුවන්.
මේ හදන virtual PC විවිධ ආකාරයෙන් කරන්න පහසුකමත් මේ වැඩසටහනේ දීල තියනවා.
පරිගණක කිහිපයක් අතර networking ඉගෙනගන්න, විවිධ OS පාවිච්චි කරලා බලන්න, පරණ හෝ වෙනත් OS සමග පමණක් වැඩකරන software පාවිච්චි කරන්න වගේ ප්‍රයෝජන ගොඩක් මේ ක්‍රමයෙන් ලබාගන්න පුළුවන්.
Source: Coding පන්තිය