Google සමාගම විසින් YouTube Go දියත් කළේ 2016 වර්ෂයේ දී, ඒ low-end devices සහ දුර්වල හෝ මිල අධික connectivity එකක් ඇති ප්රදේශවල පුද්ගලයින් ඉලක්ක කර ගනිමින්. App එකේ various quality levels වලින් offline downloads, small install size සහ data භාවිතා නොකර locally videos share කිරීම වැනි විවිධ පහසුකම් ලබාදී තිබුණා.
අවාසනාවකට, Google සමාගම විසින් YouTube Go app එක 2022 අගෝස්තු මාසයේ සිට නවත්වන බව නිවේදනය කර ඇත. ඒ අනුව YouTube වෙත ප්රවේශ වීමට, YouTube Go පරිශීලකයින්ට ප්රධාන YouTube app එක install කිරීම හෝ ඔවුන්ගේ browser වලින් youtube.com වෙත ප්රවේශ වීම සිදුකල යුතු වෙනවා.
මෙම වෙළඳපල තුළ experience වැඩිදියුණු කිරීම සඳහා ප්රධාන YouTube app එක වෙත බොහෝ වැඩිදියුණු කිරීම් ගෙන ආ බව Google සමාගම පැහැදිලි කළේය:
“Specifically, we have improved performance for entry-level devices or those that watch YouTube on slower networks.”
Limited mobile data සහිත පරිශීලකයින් සඳහා mobile data usage එක අඩු කිරීමට උපකාරී වන විශේෂාංග ද develop කරන බව Google සමාගම වැඩිදුරටත් පැවසීය.
ප්රධාන YouTube app එකට වඩා හොඳ අත්දැකීමක් සහ බොහෝ දෙනෙක් ඉල්ලා සිටින YouTube Go හි නොමැති විශේෂාංග ලබා දෙන බව සඳහන් කරමින් Google සමාගම මෙම පියවර තවදුරටත් සාධාරණීකරණය කළේය. මෙම විශේෂාංග අතර dark mode සහ comment / post / create කිරීමට ඇති හැකියාව ඇතුළත් වේ. Google ප්රධාන YouTube app එක optimize කිරීමට දිගටම බලාපොරොත්තු වන අතර YouTube Go හි cool local video sharing හැකියාව අනුගමනය කරයි.
Source: Android Authority, 9to5Google, Google