චීන භාෂාව ඉගෙනගන්න අයට නැතුවම බැරි Dictionary App එක




Dictionary Apps බොහෝ විට මැන්ඩරින් චීන භාෂාව (Mandarin Chinese) ඉගෙනගන්නා පුද්ගලයින් සඳහා වඩාත් ප්‍රයෝජනවත් හා නිතර භාවිතා වන apps වලින් එකක් වනු ඇත. මෙම කාර්යය සඳහා බොහෝ විට නිර්දේශිත සහ වඩාත් පහසුම app එක ප්ලෙකෝ (Pleco) විය හැකිය.

මන්දයත් ඔබ කොතැනක සිටියත් චීන වචනයක් හෝ අක්ෂරයක් ඉක්මනින් සොයා බැලීමට එය ඔබට ඉඩ සලසයි.

මෙම Pleco App එකේ ඇති මුලික පහසුකම්:

  • චීන අත් අකුරු හඳුනාගැනීම: ඔබ නොදන්නා අක්ෂර සෙවීමේදී පින්යින් (pin yin) ටයිප් කිරීම වෙනුවට ලිවීමට ඇති විකල්පය ඉතා ප්‍රයෝජනවත් වේ.

  • OCR: ඔබගේ උපාංගයේ කැමරාව භාවිතයෙන් නොදන්නා චීන වචන ‘සජීවීව’ බැලීමට හෝ නිශ්චල රූපයක ආකාරයෙන් බැලීමට එය ඔබට ඉඩ දෙයි.

  • Stroke Order Guides: චීන අක්ෂර නිසි පිළිවෙලට ලියන්නේ කෙසේදැයි සොයා ගැනීමට ඔබට උදව් කිරීම.

  • Flashcard පද්ධතිය: අතිශය බලවත් / Customizable කළ හැකි පද්ධතියක් වන අතර, ශබ්ද කෝෂ ඇතුළත් කිරීම් වලින් නව ෆ්ලෑෂ් කාඩ්පත් එක් කිරීම හෝ පෙර සැකසූ වචන මාලා ලැයිස්තු Import කිරීම අතිශයින්ම පහසු කරයි.

  • ශ්‍රව්‍ය උච්චාරණය: චීන ශබ්ද කෝෂයේ ඇති වචන පිරිමි, ගැහැණු, ස්වදේශීය-කථික ශ්‍රව්‍ය උපකරණ භාවිතයෙන් ක්ෂණිකව ඇසීමට ඇති හැකියාව. මෙහි වචන 34,000 කට වඩා වැඩි ගණනක පටිගත කිරීම් අඩංගු වී තිබේ.

best dictionary app for chinese language learners

තව බොහෝ පහසුකම් මෙම Dictionary App එකෙහි අන්තර්ගත වන අතර මෙහි ඇති භාවිතයේ පහසුව නිසාම චීන භාෂාව ඉගෙනගන්නන් අතර මෙම ප්ලෙකෝ (Pleco) App එක වඩාත් ජනප්‍රිය වීම නොරහසකි. 

ඔබට මෙම Pleco App එක ඔබේ Android සහ iOS දුරකථන සඳහා download කර ගත හැකිය. 

Source : PlecoFluent in 3 Months

Advertisment


Share

Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *