සුවපෙත (Suwapetha) කොවිඩ් මඩින්න ලංකාවේ හදපු App එක




දේශීයව ව්‍යාප්තව ඇති Covid – 19 වෛරස තත්වයෙන් ආරක්ෂාවීමට, ඔබ සිටින ස්ථානයේ අවට සිටින Covid – 19 ආසාදිතයන් හඳුනා ගැනීමට සුවපෙත (Suwapetha) යන නමින් Mobile Application එකක් බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සහ WHO එක මැදිහත් වීමෙන් නිර්මාණය කර ඇත.

මෙම සුවපෙත App එක මගින් ඔබට,

  1. කිලෝමීටරයක් (1 km) ඇතුලත සිටින ආසාදිතයන් ප්‍රමාණය දැනගැනීමට
  2. තමන් සිටින ස්ථානයේ සිට ආසාදිතයින් සිටින දුර දැනගැනීමට
  3. බස්නාහිර පළාත් වසංගත රෝග විද්‍යා ඒකකයේ 24/7 ඇමතුම් මධ්‍යස්ථානයේ සහය ලබාගැනීමට
  4. “1990 – සුවසැරිය” ගිලන්රථ සේවාව සහ වෙනත් හදිසි අංකවල විස්තර ලබාගැනීමට
වැනි බොහෝ සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබේ. මෙම සුවපෙත App එක මෙතනින් ඔබේ android දුරකථනයට download කරගන්න.
Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *