Blogging වලට WordPress වලට වඩා හොඳ Ghost

Englishहिन्दीРусскийසිංහලதமிழ்



Content Management System ගැන කතා කරනකොටම ගොඩක් දෙනෙක්ට ඉස්සල්ලම මතක් වෙන්නේ WordPress CMS එක. Ghost කියන්නේ WordPress වලට විකල්පයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වේගයෙන් ජනප්‍රිය වේගන යන CMS එකක්. මේක Node.js වලින් ලියවුන open source වැඩසටහනක්. මීට අමතරව frontend එක සඳහා Handlebars.js භාවිතා කර තිබෙනවා. Ghost වල භාවිතය ගැන වගේම, features ගැන දැනගන්න Ghost Documentation එක බලන්න.

Ghost Features

මේක මේ අයගෙම hosting වල hosting කිරීමේ හැකියාව තිබුනත් මාසිකව සැලකිය යුතු මුදලක් ගෙවන්න සිද්ද වෙනවා. ඒ නිසා අත්හදාබැලීම් සඳහා self hosting කරගැනීම තමයි වඩාත් සුදුසු. Node.js ඔබේ පරිගණකයට install කරගැනීම මගින් මේ Ghost CMS එක localhost ආකාරයට අත්හදා බලන්න පුළුවන්. ඊට අමතරව railway කියන hosting service එකේ මේ Ghost CMS template එකක් තියන නිසා ඒ හරහාත් ඔයාලට පහසුවෙන් මෙහි test installation එකක් නොමිලේ හදාගන්න පුළුවන්. තව Node.js support කරන shared hosting වලත් මේ Ghost install කරගන්න පුළුවන්. උදාහරණ විදිහට Namecheap Shared Hosting Packages වගේම ශ්‍රී ලාංකීය web hosting service සපයන ආයතනයක් වන PEEK Hosting වල Shared Hosting Packages වලත් මේ Node.js support කරනවා. මීට අමතරව තවත් බොහෝ hosting packages තිබෙනවා වෙනත් අයගේ. මම මෙතනින් විශේෂයෙන් සඳහන් කලේ මාගේ පෞද්ගලික අත්දැකීම තිබෙන hosting company දෙකක් ගැන පමණයි. මීටත් අමතරව VPS hosting එකක Ghost ධාවනය කර ගැනීමට හැකියාව තිබෙනවා. VPS hosting තරමක් මිල අධික වුවත් වෙබ් අඩවියේ වේගය ගැන සලකන විට එය ඉතාමත් හොඳ ප්‍රවේශයක්.

Ghost Examples

ලෝකය පුරාවට මේ වනවිට වැඩි වශයෙන් භාවිතා වෙන CMS Platform එකක් තමයි මේ Ghost CMS එක. Blogging සඳහා බොහෝ දෙනෙක් WordPress වෙනුවට Ghost භාවිතා කරන්න පෙළඹීලා තිබෙනවා. උදාහරණ ලෙස, Apple, Sky News, DuckDuckGo, Mozilla, OpenAI, Square, CloudFlare, Tinder යන වෙබ් අඩවි වගේම සිංහලෙන් තාක්ෂණික පුවත් සපයන Android වැඩකාරයෝ, TechNews.LK යන ශ්‍රී ලාංකිය වෙබ් අඩවි පවා WordPress වෙනුවට තම වෙබ් අඩවි නිර්මාණය සඳහා CMS Platform එක ලෙස Ghost භාවිතා කර තිබෙනවා.

චන්දිම ගලහිටියාව අයියගේ YouTube චැනල් එකේ තියෙන Ghost ගැන කරපු විඩීයෝ එක පහලින් බලන්න පුළුවන්.

Ghost ඔයාගේ computer එකට install කරගන්න විදිහ ගැන අපි ඉක්මණටම ඔයාලට තවත් ලිපියකින් අරගෙන එන්නම්. Ghost CMS එක ගැන ඔයාලට දැනගන්න තියෙන දේ, අදහස්, ගැටළු පහලින් comment කරන්න.

Source: Coding පන්තිය, Jamstack

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *