ඔබට බොහෝ විට ඔබේ Laptop හෝ Desktop පරිගණකය Shutdown කිරීම මගින් වසා දැමිය හැක. නමුත් ඔබ දන්නවා පරිගණකය පැය කිහිපයක් වසා දැමීමත් සමඟ ඔබ දිනපතා විවෘත කරන සියලුම Applications සහ Folders නැවත විවෘත කිරීමට සිදුවේ. Hibernate යනු ඔබ වැඩ කළ දේවල් ඒ ආකාරයෙන්ම පරිගණකයේ පැය කිහිපයක් තබා ගනිමින් පරිගණකයේ බලය අක්රිය කළ හැකි විකල්පයකි. මෙය පෙනුමෙන් Shutdown ක්රියාවලියට සමාන වූවත් සිදුවන්නේ ඊට වෙනස් ක්රියාවලියකි.
Windows Hibernate සක්රීය කරන්නේ කෙසේද?
1. Windows 10 වල Settings වෙත ගොස් Power Options යන්න Search කරන්න. >> දැන් Windows Power & Sleep Settings තෝරන්න. >> දැන් රුපසටහනේ පරිදි Additional Power Settings මත ක්ලික් කරන්න.
2. දිස්වන කවුළුවෙහි, වම් පස ඇති Choose what the power buttons do යන්න තෝරන්න.
3. දැන් මීළඟ කවුළුවේ Change settings that are currently unavailable යන්න මත ක්ලික් කරන්න. දැන් Shutdown settings වෙත යන්න.
4. Hibernate තෝරන්න සහ Save changes මත ක්ලික් කරන්න.
මේ කරපු සැම පියවරක්ම පහල වීඩියෝ එකේ තියෙනවා. ලිපිය පැහැදිලි මදිනම් මේ වීඩියෝ එක Follow කරන්න.
දැන් වැඩ! එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු. Hibernate ගැන ඔබට වෙනත් ප්රශ්න ඇත්නම් කරුණාකර පහලින් Comment කරන්න.