ඕනම Video එකක Quality අඩු නොවී Size එක අඩු කරන HandBrake Software එක

Englishहिन्दीBahasa IndonesiaРусскийසිංහලதமிழ்



YouTube චැනල් කරන අපිට තියෙන ලොකුම ගැටළුවක් තමයි අපි upload කරන video file එකේ ධාරිතාවය වැඩිවීම සහ අපි භාවිතා කරන අන්තර්ජාල සම්බන්ධතාවයේ ඇති මන්දගාමීත්වය. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු අපි upload කරන video එකේ ධාරිතාවය 6GB කියලා. එතකොට video එක upload කරන්න සැලකිය යුතු වේලාවක් ගතවෙනවා. ඉතින් මේ video එකේ quality අඩු නොවී ධාරිතාවය අඩු කරන්න පුළුවන් ක්‍රමයක් මම හොයාගත්තා. ඒ “HandBrake” කියන software එක. ඉතින් මේ software එක use කරන හැටි මම මේ ලිපියෙන් කියලා දෙනවා.

මුලින්ම මේ link එකට ගිහිල්ලා HandBreak කියන software එක download කරගෙන install කරගන්න. Software එක open කරනකොට “To run this application, you must install .NET.” කියලා error message එකක් ආවොත් Yes කියන button එක click කරලා ඒ link එක web browser එකෙන් load වුනාට පස්සේ .NET Desktop Runtime එක download කරලා ඔයාගේ computer එකට install කරගන්න. වැඩි විස්තර දැනගන්න HandBrake Documentation එක කියවන්න.

Picture No 1

HandBrake software එක open කරගෙන Source (01) කියන එකෙන් ඔයාට අවශය video එක select කරගන්න. දැන් Browse (02) කියන එකට ගිහිල්ල video එක save වෙන්න ඕන තැන select කරන්න. (මේක දැන් නම් ඕන වෙන්නෙ නැහැ. Software එක update නිසා auto ම save වෙන්න තැනක් හැදෙනවා)

Picture No 2

ඊට පස්සෙ ඔයා Video (03) කියන tab එකට ගියාම Picture No. 02 වල වගෙ interface එකක් පේනේවි. එකෙන් Content Quality (06) කියන එක දකුනට කරාම video quality වැඩි වෙනවා. එවගෙම size එකත් වැඩි වෙනව (එනම් RF අගය අඩු වෙනවා). වමට කරාම size එක අඩු වෙනව වගෙම quality එක අඩු වෙනවා (එනම් RF අගය වැඩි වෙනවා). සාමාන්‍යයෙන් ඒ Quality එක 22 – 26 ත් අතර තියාගන්න බලන්න. එතකොට කිසිම quality loss එකක් පේන්නෙ නෑ. අපි කරන්නෙ size එක අඩු කරන්න හදන එක හින්ද අපි මේකෙ level එක 26ට දාගමු. තව ඔයාට පුළුවන් Video Encoder (05) කියන එකෙන් ඔයාගේ video එකේ codec එක change කරගන්න පුළුවන්. ඔයාට මේ codec එක change කරන්න අවශ්‍ය නැත්නම් මේ default එන option එක තියන්න.

අන්තිමට කරන්න තියෙන්නෙ Picture No. 01 වල Start (04) දෙන එක. ඊට පස්සෙ අදාල location එකේ save වෙනවා. සාමාන්‍යයෙන් 2GB video file එකක් 300MB වගෙ ගානට අඩු කරගන්න පුළුවන් උනා කිසිම් quality loss එකක් නැතුව. Specially video content creators ලට ගොඩාක්ම මේක වැදගත් වේවි.

මේ කරපු සැම පියවරක්ම පහල වීඩියෝ එකේ තියෙනවා. ලිපිය පැහැදිලි මදිනම් මේ වීඩියෝ එක Follow කරන්න.

Source: ICT Nuwan Dissanayake, Shutterstock

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published.