පරිගණකයට හරි විදිහට Drivers දාගමු

Englishहिन्दीBahasa IndonesiaРусскийසිංහලதமிழ்



පරිගණකයක් හරි හැටි ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක් තමයි පරිගණකයේ ඇති software සහ hardware අතර හරි සම්බන්ධයක්. ඒ කියන්නේ අපේ Operating System එක (Windows, Linux වගේ) එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ නිසා තමයි අපේ පරිගණකයට printer එකක් USB වලින් connect කලත් වේලාවකට වැඩ කරන්නේ නැත්තේ.

මෙතැනදී තමයි drivers අවශ්‍ය වෙන්නේ. Drivers වලින් කරන්නේ අපේ පරිගණකය එක්ක මේ devices හරියටම සම්බන්ධ කරන එක. ඉතින් ඒ නිසා හරිම drivers හරියට දාගන්න එක ගොඩක් වැදගත් දෙයක් වෙනවා.

Drivers දාද්දි අපි සලකා බලන්න ඕන කාරණා දෙකක් තියනවා. එකක් තමයි මේ දාන driver එක ඔයාගේ දැනට තියන Operating System එකට support කරන්න ඕනේ. ඒ කියන්නේ Windows 10 වලට Windows 7 වල drivers බොහෝ විට වැඩ නොකරන්න පුළුවන්. ඒ එක්කම අනික් පැත්තෙන් ඒ driver එක ඔයාගේ device model එකට ගැලපෙන්නත් ඕනේ. උදාහරණයක් විදියට graphic card එකක් නම්, brands, model numbers වගේ ගොඩක් සාධක බලපානවා. ඉතින් හදිසියේ හරි drivers CD එහෙම නැති වෙලා නම් හෝ හම්බවුනේ නැත්නම් ටිකක් මහන්සි වෙලා හරිම එක හොයාගන්න ඕනේ. සමහර drivers බැලු බැල්මට හරි වගේ, ඒත් වැඩ කරගෙන යද්දී තමයි තේරෙන්නේ මේක හරිම driver එක නෙමෙයි කියලා.

සමහර USB devices plug and play. මේවට drivers ඕනෙම නෑ. හැබැයි බහුතරයක් එහෙම නෑ. තව දෙයක් තමයි drivers install කරනවා වගේ මේවා up to date තියාගන්න ඕනේ. විශේෂයෙන්ම graphic drivers. මේවා update වෙලා නැත්නම් හරි drivers තිබ්බත් වැඩක් නැහැ.

දැන් තියන ලොකුම ගැටලුව, කොහොමද drivers download කරන්නේ? සාමාන්‍යයෙන් ඔයාට ඔයාගේ device model එක, උදාහරණයක් විදියට “Intel HD Graphics 2500 Driver Download for Windows 10″ මේ වගේ google search කරලා අරගන්න පුළුවන්. හැබැයි හැම දෙකටම මේක ඒ තරම් ලේසි නැහැ.

මම මෙතැනදී recommend කරන්නේ 3DP Chip Software එක පාවිච්චි කරන්න කියල. මේක download කරන්න මෙතනින් යන්න. මේක install කරගන්න. පොඩි tool එකක්. මේකෙන් පෙන්නනවා ඔයාගේ පරිගණකයේ මේ වෙද්දී නැති drivers මොනවද කියල. ඉතින් ගොඩක් ලේසියි. One click download කරගන්න පුළුවන්.

3DP Chip

එක්කම කියන්න ඕනේ මේ වෙද්දී ගොඩක් devices වලට drivers, Windows 10 වගේ ඒවගෙන් auto ගන්නවා. හැබැයි මෙහෙම ගත්තත් වෙලාවකට මෙවගෙත් ප්‍රශ්න එනවා. කොහොම වුනත් 3DP Chip හෝ තව එකක් තියනවා Driver Easy කියලා. Driver Easy software එක download කරගන්න මෙතනින් යන්න. මේ දෙකෙන් එකකින් ගොඩක් පහසුවෙන් drivers දාගන්න පුළුවන්.

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published.