නව බදු ප්‍රතිසංස්කරණයට අනුව විදුලි සංදේශ බදු ඉහළට




2022 වසරේ සිට ඉදිරියට රජයේ ආදායම් වැඩි කර ගැනීම සහ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීම සඳහා බදු ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

ඒ අනුව එකතු කළ අගය මත VAT බද්ද 8% සිට 12% දක්වා වැඩි කිරීමට සහ විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

මෙසේ බදු වැඩි කිරීමට මුලිකවම බලපා ඇත්තේ 2019 වසරේ බදු ලිහිල් කිරීම තුළින් වාර්ෂිකව රුපියල් බිලියන 600 ත් 800 ත් අතර ප්‍රමාණයක බදු ආදායමක් රටට අහිමිවී ගොස් තිබිමත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස කලාපයේ අඩුම ආදායම් අනුපාතය මෙරටින් වාර්තාවී තිබිමත් නිසාය.

Source: News 1st, Helakuru

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *