PUBG පරිගණක ක්‍රීඩාව ලබන වසරේ සිට ක්‍රීඩා කිරීමට නොමිලේ




2017 දී හදුන්වා දුන් PlayerUnknown’s Battlegrounds එසෙත් නැත්නම් PUBG PC Game එක පරිගණක ක්‍රීඩාකරුවන් අතර කුණාටුවක් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත් වුවා. මෙම පරිගණක ක්‍රීඩාව ලබා දුන්නේ ඩොලර් 20ක් වැනි මුදලකටය. නමුත්, Krafton හි නිර්මාණ අධ්‍යක්ෂ තහවුරු කර ඇත්තේ PUBG පරිගණක ක්‍රීඩාව නොමිලේ ලබා ගත හැකි පරිගණක ක්‍රීඩාවක් ලෙස නිකුත් කිරිමට සුදානම් වන බව ය.

ඒ අනුව PUBG පරිගණක ක්‍රීඩාව 2022 ජනවාරි 12 සිට ක්‍රීඩා කිරීමට නොමිලේ යැයි Krafton හි නිර්මාණ අධ්‍යක්ෂ ප්‍රකාශ කර ඇත. එය දැනටමත් Pre Registration කිරීම් සඳහා පවතින අතර මෙම ක්‍රීඩාවේ බොහෝ අංග නොමිලේ ඇත. නමුත්, Ranked Matchmaking ඇතුළු සමහර අංග Unlock කර ගැනිමට නම් ඩොලර් 12.99ක මුදලක් ගෙවිය යුතු බව ප්‍රකාශ කර ඇත. 

වාර්තා වලට අනුව, මීට පෙර, PlayerUnknown’s Battlegrounds එසෙත් නැත්නම් PUBG PC Game එක පිටපත් මිලියන 75 කට වඩා අලෙවි වූ ජනප්‍රියම ක්‍රීඩා වලින් එකකි. කෙසේ වෙතත්, එය ප්‍රේක්ෂක ග්‍රහණයෙන් ගිලිහී යන්නට නොදී පවත්වා ගැනීම සඳහා මේ ආකාරයට, PUBG පරිගණක ක්‍රීඩාව නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බව වැඩි දුර තොරතුරු වාර්තා වෙනවා.

මේ PUBG පරිගණක ක්‍රීඩාවට Pre Registration විම සදහා පිවිසෙන්න.

Source : GizmochinaPubg

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *