මොකක්ද මේ Windows Clipboard එක කියන්නේ?




මොකක්ද මේ Windows Clipboard එක. සරලවම කිව්වොත් Clipboard එකෙන් වෙන්නේ අපි Copy කරන දේවල් Save කරලා තියාගෙන ඉන්න එක. Windows වලත් මේ වගේ Clipboard Option එකක් තියෙනවා. ඒකෙදිත් අපි Copy කරන දේවල් Save වෙනවා වගේම එවා අපිට බලාගන්නත් පුළුවන්. අපි PC එක Shutdown කරනකොට, Restart කරනකොට මේ Copy කරගත්ත ඒවා අයින් වෙලා යනවා.

අපි දැන් බලමු කොහොමද Windows වල Clipboard Option ඒක Enable කරගන්නේ කියලා.

මුලින්ම කරන්න ඕනෙ දේ තමයි Clipboard History එක ON කරගන්න එක. ඒකට කරන්න තියෙන්නේ Windows Key එකත් එක්ක V අකුර Press කරන එක (Win Key + V). එතකොට ඔයාලට බලාගන්න පුළුවන් මේ වගේ Window එකක්.

windows key v turnon button

එතනින් Turn ON කියන එක Select කරන්න ඕනේ. දැන් වැඩේ හරි. ඔයා Copy කරන දේවල් ඔක්කොම මෙතනින් පෙන්වනවා. ඒ වගේම Print Screen Button එකෙන් ගන්න Screenshot පවා පෙන්වනවා.

widnows 10 clipboard item options

ඔයාට පුළුවන් මේ Clipboard Option එක Enable කලාට පස්සේ ඔයා Copy කරන දේවල් බලාගන්න Windows Key එකත් එක්ක V Press කරලා. ඒ විතරක් නෙමෙයි ඔයාට ඕනෙ නම් ඒ Copy කරගත්ත දේවල් Pin කරගන්න පවා පුළුවන්. එතකොට Pin කරගත්ත ඒවා Restart කරාට නැති වෙන්නෙ නෑ. එහෙනම් මේ වගේ තවත් වැදගත් ලිපියකින් හම්බවෙමු.

Source : Windows Central, The Next Web

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *