Author: Editor

TEC ROOM is a Sri Lankan technology website, publishing news, feature stories, software & app reviews, tech tutorials and product reviews in Sinhala.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගිය අඟහරුවාදා නිකුත් කළ වාර්තාවකට අනුව 2021 වර්ෂය වන විට සමස්ත ලෝක ජනගහනයෙන් 37% ක්, එනම් බිලියන 2.9 ක ජනතාවකට තවමත් අන්තර්ජාලය සඳහා පහසුකම නොමැති බව අනාවරණය වී තිබෙනවා. 2021 වසර වන විට බිලියන 4.9 ක ජනතාවක් අන්තර්ජාලය භාවිතා කරන බව මෙම නවතම අධ්‍යයනය විසින් හඳුනාගෙන තිබෙන අතර එය 2019 දී පැවතුනේ බිලියන 4.1 ක අගයකයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය වන “ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය” (ITU) විසින් මෙම නවතම අනාවරණය සිදු කරනු ලැබුවා. මෙලෙස අන්තර්ජාලය පහසුකම අහිමි වී ඇති බිලියන 2.9 ක ජනගහනයෙන් 96% ක් ම තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවල…

Read More

අපි හැමෝම හිතන් හිටියේ චන්ද්‍රිකා වලින් කියලනේ.. එහෙම නෙමෙයි මෙන්න මෙහෙමයි එන්නේ.. Submarine Cables – මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ ඒ ගැන.. SEA-ME-WE කේබල් පද්ධතිය ලංකාවට එන submarine කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි SEA-ME-WE (සීමීවී) කියන්නෙ. SEA-ME-WE කියන අකුරු ටිකෙන් කියවෙන්නෙ South East Asia – Middle East – West Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරුව දක්වාම දිවෙනවා. ඔය අතරෙ තියෙන හැම…

Read More

සිනමා ලෝකය ගත්තම අපිට සිනමා පටවලින් කෙතරම් දුර යන්න පුලුවන්ද.. කෙතරම් අතීතයකට යන්න පුලුවන්ද… ලෝකයේ එදිනෙදා සිදුවෙන සාමාන්‍ය සිදුවීම් වල සිට අතීතයට, අනාගතයට වගේම අභ්‍යවකාශයට, විවිධාකාරයේ මානයන්ට, නානාවිධ ප්‍රබන්ධ ලෝකයන්ට නරඹන්නාව ගෙනයන්නට ඒවා සත්‍යාසන්නයෙන්ම නිර්මාණය හෝ ප්‍රතිනිර්මාණය කර විඳින්නට සලස්වන්නට වර්තමාන සිනමාවට හැකිවෙලා තියෙනවා.. ඉතින් මේ විදියට නරඹන්නන් වෙනුවෙන් ලෝකයන් මවන්නට කැමරාව පමණක් තිබීම ප්‍රමාණවත්ද… නෑ කොහෙත්ම නෑ.. ඒ වෙනුවෙන් නරඹන්නන්ට සිනමාපට තුලින් වඩාත් විශ්මයාන්විත අත්දැකීමක් ලබාදීම වෙනුවෙන්ම නිර්මාණය වූ තාක්ෂණයන් ලෙසින් අපිට දෘශ්‍ය ප්‍රයෝග එහෙමත් නැත්නම් Visual Effects සලකන්නට පුලුවන්. ඉතින් සිනමාව නරඹන්නට මෙන්ම සිනමාව ගැන දැනගන්නට ආශාකරන අය වෙනුවෙන් මං සිනමාවේ භාවිතා වෙන Visual Effects Technologies ගැන ටිකක්…

Read More

FBI ආයතනයේ Email system එක හැක් කර, ඒ හරහා ව්‍යාජ email යැවීමට හැකර්වරයෙකු කටයුතු කර ඇති බව මේ වන විට වාර්තා වෙනවා. [email protected] යන Email ලිපිනය හරහා Urgent: Threat actor in systems යන Subject එක සහිතව පහත email එක 100,000කට අධික පිරිසකට යැවීමට කටයුතු කර තිබෙන අතර මෙහි විශේෂත්වය වන්නේ මෙම email එක ලැබෙන පුද්ගලයාට පෙනෙන්නේ එය FBI ආයතනයේ සැබෑ servers වලින් පැමිණෙන, DKIM verification එක පවා සමාන වන original email එකක් ලෙසයි. These emails look like this:Sending IP: 153.31.119.142 (https://t.co/En06mMbR88)From: [email protected]: Urgent: Threat actor in systems pic.twitter.com/NuojpnWNLh— Spamhaus (@spamhaus) November 13, 2021 American Registry for Internet Numbers (ARIN) යන database…

Read More

Dark web දැන් Facebook එකේ දැන් වැඩි කතා බහක් යන දේ. මොකද්ද මේ dark web කියන්නේ? මේක හමුදා නිර්මානයක්. එත් අද වන විට පිස්සන්ගේ නවාතැනක්. Dark web වල ඉතිහාසය ගැන ඔයාලා දන්නවා ඇති. අද මන් කියන්නේ සරලව dark web කියන්නේ මොකද්ද කියලා. අපි පාවිච්චි කරන අන්තර්ජාලයේ කොටස් තුනක් තියෙනවා මේවා වර්ග තුනක්. කෙටියෙන් හදුන්වන්නම්… Surf web අපි පාවිච්චි කරන google, Wikipedia වගේ සෙවුම් යන්ත්‍ර වලින් පහසුවෙන් යන්න පුලුවන් අන්තර්ජාලය පැතිකඩ. මේක සියට 5%ක් කියලා හිතමු… Deep web සමහරු dark web කියන්නේ deep web කියනවා එහෙම නැ එක වෙනම දෙයක් සරලව deep web කියන්නේ සිමා කරපු පරිශිලකයන් හා ඇතුලු වන්නට හැක්කේ…

Read More

Unicode වලදි font හැසිරෙන්නෙ ඉස්සර non-unicode යුගයෙදි හැසිරුණ විදිහට නෙමෙයි. Unicode sinhala fonts, non-unicode sinhala fonts වලට වඩා සෑහෙන වෙනස්. අපි unicode වලින් යමක් type කරද්දි ප්‍රධානම දේ තමයි භාෂාව. Font face එන්නෙ ඊට පිටිපස්සෙන්. ඉස්සර යුනිකෝඩ් එන්න කලින් අපි සිංහල font කියපු ඒව ඇත්තටම සිංහල නෙමෙයි. සිංහල වගේ පේන ඉංග්‍රීසි (රෝම/ලතින්) අකුරු. හැබැයි යුනිකෝඩ් සිංහල කියන්නෙ ඇත්තටම සිංහල අකුරු. Unicode වලින් document එකක් type කරද්දි අපි සිංහල language එක SI කරලයි type කරන්න ඕනෙ. නැතුව Iskoola Pota වගේ සිංහල unicode font එකක් select කරල නෙමෙයි. font මාරු කරන්න ඕනෙ නෑ, auto මාරු වෙනව. දෙමළ වලදිත් එහෙමයි. Language එක TA දීල දෙමළ ටයිප්…

Read More

Dictionary Apps බොහෝ විට මැන්ඩරින් චීන භාෂාව (Mandarin Chinese) ඉගෙනගන්නා පුද්ගලයින් සඳහා වඩාත් ප්‍රයෝජනවත් හා නිතර භාවිතා වන apps වලින් එකක් වනු ඇත. මෙම කාර්යය සඳහා බොහෝ විට නිර්දේශිත සහ වඩාත් පහසුම app එක ප්ලෙකෝ (Pleco) විය හැකිය. මන්දයත් ඔබ කොතැනක සිටියත් චීන වචනයක් හෝ අක්ෂරයක් ඉක්මනින් සොයා බැලීමට එය ඔබට ඉඩ සලසයි. මෙම Pleco App එකේ ඇති මුලික පහසුකම්: චීන අත් අකුරු හඳුනාගැනීම: ඔබ නොදන්නා අක්ෂර සෙවීමේදී පින්යින් (pin yin) ටයිප් කිරීම වෙනුවට ලිවීමට ඇති විකල්පය ඉතා ප්‍රයෝජනවත් වේ. OCR: ඔබගේ උපාංගයේ කැමරාව භාවිතයෙන් නොදන්නා චීන වචන ‘සජීවීව’ බැලීමට හෝ නිශ්චල රූපයක ආකාරයෙන් බැලීමට එය ඔබට ඉඩ දෙයි. Stroke Order…

Read More

Web site එකකට යනකොට සමහර වෙලාවට Cookies allow කරන්න කියලා හරි එහෙම නැතිනම් ඒ Web site එක Cookies ගන්නවා කියලා හරි message එකක් හෝ popup එකක් වගේ ඔයාල අනිවාර්යෙන් දැකලා ඇති. අන්තර්ජාලය භාවිතා කරන ඕනෙම කෙනෙකුට අතිශය සුලභ වුනාට හරියටම මේ Cookies ගැන දන්නවද? මේක ලියන්නේ මම දැකපු Meme එකක් නිසා. ඔය පහල තියෙන්නේ ඒක. මේ ලිපියේ අරමුණ ඕනෑම කෙනෙකුට ලේසියෙන් මේ ගැන තේරුම් ගන්න පුළුවන් වෙන එක. ඒනිසා ගොඩාක් තාක්ෂණික කරුණු සහ දීර්ඝ පැහැදිලි කිරීම් මේකේ මම ඇතුලත් කරන්නේ නැහැ. මොනවද මේ Cookies? සරලවම කිව්වොත් Cookies කියන්නේ වෙබ් අඩවියක් අපේ පරිගණකයේ තැන්පත් කරන පොඩි දත්ත ගොනුවක්. මේකේ තියෙන්නේ ඒ…

Read More

ඔයාලටත් මේ වගේ හිතේ තියෙන ඕනෙ දෙයක් ලස්සනට ZQuote එකක් කර ගන්න. දැන්ම ඔයාගෙ Quote එක @ZQuoteeBot ට යවන්න.. 🌝 ZQuoteeBot භාවිතා කර පහසුවෙන් ඕනෑම තැනක භාවිතා කළ හැකි ආකාරයේ Quote නිර්මාණය කිරීමට පවතිනවා. ඔබ ලබා දෙන සියලු Text, Quote ලෙස නිර්මාණය වී මෙවැනි post එකක් ඔබට ලැබෙනු ඇත. ඔයාට කරන්න තියෙන්නේ @ZQuoteeBot ගේ ඇතුලට යන්න. ඔයාට මේක Username එක උඩ click කරලා හරි, Telegram Search Bar එකේ Type කරලා හරි Bot ව පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඊටපස්සේ ඔයාට කරන්න තියෙන්නේ Bot ව Start කරන එක. Bot ගෙ /start කියන Button එක click කරලා හෝ /start කියල Type කරාම ඔයාට පුළුවන් Bot ව Start…

Read More

දේශීයව ව්‍යාප්තව ඇති Covid – 19 වෛරස තත්වයෙන් ආරක්ෂාවීමට, ඔබ සිටින ස්ථානයේ අවට සිටින Covid – 19 ආසාදිතයන් හඳුනා ගැනීමට සුවපෙත (Suwapetha) යන නමින් Mobile Application එකක් බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සහ WHO එක මැදිහත් වීමෙන් නිර්මාණය කර ඇත. මෙම සුවපෙත App එක මගින් ඔබට, කිලෝමීටරයක් (1 km) ඇතුලත සිටින ආසාදිතයන් ප්‍රමාණය දැනගැනීමට තමන් සිටින ස්ථානයේ සිට ආසාදිතයින් සිටින දුර දැනගැනීමට බස්නාහිර පළාත් වසංගත රෝග විද්‍යා ඒකකයේ 24/7 ඇමතුම් මධ්‍යස්ථානයේ සහය ලබාගැනීමට “1990 – සුවසැරිය” ගිලන්රථ සේවාව සහ වෙනත් හදිසි අංකවල විස්තර ලබාගැනීමට වැනි බොහෝ සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබේ. මෙම සුවපෙත App එක මෙතනින් ඔබේ android…

Read More