Author: Editor
ඔබට බොහෝ විට ඔබේ Laptop හෝ Desktop පරිගණකය Shutdown කිරීම මගින් වසා දැමිය හැක. නමුත් ඔබ දන්නවා පරිගණකය පැය කිහිපයක් වසා දැමීමත් සමඟ ඔබ දිනපතා විවෘත කරන සියලුම Applications සහ Folders නැවත විවෘත කිරීමට සිදුවේ. Hibernate යනු ඔබ වැඩ කළ දේවල් ඒ ආකාරයෙන්ම පරිගණකයේ පැය කිහිපයක් තබා ගනිමින් පරිගණකයේ බලය අක්‍රිය කළ හැකි විකල්පයකි. මෙය පෙනුමෙන් Shutdown ක්‍රියාවලියට සමාන වූවත් සිදුවන්නේ ඊට වෙනස් ක්‍රියාවලියකි. Windows Hibernate සක්‍රීය කරන්නේ කෙසේද? 1. Windows 10 වල Settings වෙත ගොස් Power Options යන්න Search කරන්න. >> දැන් Windows Power & Sleep Settings තෝරන්න. >> දැන් රුපසටහනේ පරිදි Additional Power Settings මත ක්ලික් කරන්න. 2. දිස්වන කවුළුවෙහි,…
Apple දුරකථන වලින් Notch එක ඉවත් කිරීම සම්බන්ධයෙන් වන කතිකාවත අලුත් එකක් නොවන අතර එය වසරින් වසර අලුත් වෙමින් තිබෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති. වෙන කවරදාටත් වඩා දැන් දැන් ඒ පිළිබඳ සංවාදය වැඩිවෙමින් තිබෙන අතර ඇතැම් විශ්වාසදායි මූලාශ්‍ර ද ඒ පිළිබඳව තහවුරු කරමින් සිටිනවා. Apple නිෂ්පාදන පිළිබඳ සාර්ථක අනාවැකි පලකල සුප්‍රකට Bloomberg වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන Mark Gurman විසින් ද සිය Podcast වැඩසටහනක දී මේ පිළිබඳ අදහස් පළ කර තිබෙන අතර, ඔහුට අනුවද 2022 දී Apple ඇතැම් දුරකථන වලින් සමහරවිට Notch එක ඉවත් වනු ඇති බවට මත පළකර තිබෙනවා. Apple සමාගම කලක සිටම Under Display Face ID technology එකක්…
නත්තල් දින උදෑසන NASA ආයතනය විසින් ඔවුන්ගේ නවතම අභ්‍යාවකාශ නිරීක්ෂණාගාරය, එහෙමත් නැතිනම් James Webb අභ්‍යාවකාශ Telescope එක අභ්‍යාවකාශගත කිරීමට කටයුතු කරනු ලැබුවා. Arine 5 රොකට් එකක් භාවිතා කරමින් ගුවන්ගත කළ මෙම Telescope එක දශක ගණනාවකින් පසුව NASA ආයතනය විසින් සිදු කළ විශාලතම මෙහෙයුම් වලින් එකක් වන බව බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. මෙම James Webb Telescope එක හරහා විශ්වයේ ගැඹුරු පැතිකඩ පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා අවශ්‍යය වන තොරතුරු ලබාගැනීමට බළාපොරොත්තු වන අතර, දැනට පවතින නිවර්තන වැසි වනාන්තරයක සිට විශ්වයේ ආරම්භය දක්වා තොරතුරු මෙම Telescope එක හරහා අධ්‍යනය කෙරෙනු ඇති බව මෙය ගුවන්ගත කරන අවස්ථාවේදී, NASA ආයතනයේ නිවේදයෙකු වන Rob Navias ප්‍රකාශ…
පසුගිය බ්‍රහස්පතින්දා (23) සිට විටින් විට ඇතැම් LastPass පරිශීලකයින් හට ඔවුන්ගේ LastPass ගිණුම් වලට විවිධ ස්ථාන වලින් යම්කිසිවෙකු login වීමට උත්සාහ කළ බවත් (Unusual Attempted Login Activity), කෙසේ නමුත් එම උත්සාහයන් ව්‍යර්ථ කළ බවත් සඳහන් කරමින් email පණිවුඩ ලැබෙන්නට වුණා. මෙහි විශේෂත්වය වූයේ මෙම email වලට අනුව අදාල login attempts සිදු කර ඇත්තේ එම LastPass ගිණුම් වල සැබෑ Master Password එක භාවිතා කිරීමෙන් වන අතර, මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් LastPass ආයතනය තහවුරු කර සිටියේ මෙම තත්ත්වයට හේතුව වන්නේ credential stuffing attack එකක් වන බවයි. Credential stuffing attack එකක් යනු යම්කිසි හැකර්වරයෙකු හෝ වෙනත් පුද්ගලයෙකු විසින් මීට පෙර විවිධ ක්‍රම වලින්…
Google Search Engine එක ව්‍යාප්ත වීමත් සමග Google AdWord කියලා වැඩසටහනක් ආරම්භ කළා Google AdWord වෙත වෙලද දැන්වීම් ලබාදිය හැකි අතර ඒවා Google Search Engine එක ඔස්සේ ප්‍රචාරණය කරන ලදි. මේ තුලින් Google සමාගම විශාල මුදල් උපයන ලදි. ඒ අනුව මේ ආදායම තව තවත් වැඩි කරගැනීමේ අරමුණින් Google සමාගම තෝරාගත් ලෝකයේ හොදම වෙබ් අඩවි කිහිපයකට මෙම වෙළඳ දැන්වීම් ලබාදුන් අතර එම වෙලද දැන්වීම් ප්‍රචාරණය කිරීම වෙනුවෙන් එම වෙබ් අඩවි වලට මුදල් ගෙවන ලදි. ඒ Google AdSenseහි ආරම්භයයි. පසුකාලීනව ඕනම කෙනෙක්ට වෙබ් හෝ බ්ලොග් අඩවියක් සකසා ඊට Google සමාගමේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැක. ඒ අනුව…
2019 මැයි මාසයේදී Huawei සමාගමට අමෙරිකානු ඇමරිකානු සමාගම් සමඟ ගනුදෙනු කිරීමට තිබූ හැකියාව අහිමි කරවීමට එවක ඇමරිකානු රජය තීරණය කිරීමත් සමග මේ වන විට Huawei සමාගම විසින් Android OS එක අතහැර ඒ වෙනුවට තමන්ගේම Harmony OS නම් අලුත් Mobile OS එකකින් සිය උපාංග බලගන්වන වන බව ඔබ දැනටමත් දන්නවා ඇති. Samsung සමාගමට මෙවැනි තහනමක් පැනවී නැතත්, Samsung සමාගමත් තවත් වසර කිහිපයක් ඇතුළත Android Operating System එකෙන් ඉවත්ව, අලුත් OS එකකින් සිය mobile devices පණගන්වන්නට සූදානමින් සිටින බව ඔබ දන්නවාද? ඔව්, දැනට තිබෙන තොරතුරුවලට අනුව මෙය හුදෙක්ම කට කතාවක් නොවන අතර, Samsung සමාගම විසින් Android OS එක අතහැර දැමීමට විශාල ඉඩක්…
Microsoft සමාගම විසින් Xbox console හි 2021 සංවත්සර සැමරුමේ කොටසක් ලෙස 2021 දී Xbox console හි ගමන විස්තර කරමින් “Power On: The Story of the Xbox” නමින් කොටස් හයක වාර්තා චිත්‍රපටයක් නිකුත් කර ඇත. මෙම වාර්තා චිත්‍රපටය ඔබව Xbox gaming console එකෙහි ආරම්භයේ සිට අද ඇති තැනට ගෙන යනු ඇත, එසේම මෙම Xbox gaming console එක අද තිබෙන තැනට ගෙන ඒමට සියලු අභියෝගවලට මුහුණ දුන් Xbox කණ්ඩායම් සාමාජිකයින්ගෙන් ඒ අභියෝගයන් ඔබට අසන්නට ලැබේ. මේ වාර්තා චිත්‍රපටය හරහා Microsoft සමාගම ඒ වන විට ගෝලීය gaming industry එක සහ වෙළඳපොලේ Sony සහ Nintendo සමාගම් ආධිපත්‍යය ලබා ගැනීමට සිදු කරන Xbox හි මුල්…
Cloud Storage එකක් වර්ථමානයේ භාවිතා නොකරන අයෙක් නැති තරම්. Images, Videos, Document ඇතුළු නොයෙකුත් ආකාරයේ ගොනු Cloud Storage ආධාරයෙන් භෞතික පරිසරයේ අවකාශයක් නොගෙන Cloud සංකල්පය මත පදනම්ව ගබඩා කිරීමේ හැකියාව මේ හරහා පවතිනවා. ලෝකයේ විවිධ සමාගම් මඟින් විවිධ ආකාරයේ Cloud Storage සේවා සපයනු ලබනවා. ඒ අතරින් Microsoft සමාගම විසින් හඳුන්වා දෙනු ලබන OneDrive සේවාව බෝහෝ දෙනා පොදුවේ භාවිතා කරන සේවාවක්. කෙසේ වෙතත් Microsoft සමාගමේ Tech Community Forum එකෙහි පළවූ වාර්තාවකට අනුව Microsoft සමාගම විසින් Windows 7, 8 සහ 8.1 යන Windows OS Versions සඳහා 2022 මාර්තු 1 වනදා සිට OneDrive සඳහා වන සහය අවසන් කරන බව පවසා සිටිනු ලැබුවා. මෙම Windows Version…
මේ දිනවල වෙනස් ආකාරයේ පහසුකම් සහිත Social media අප අතර ජනප්‍රියතාවක් උසුලනවා. ලංකාවේ නිර්මාණය වූ සරල හා වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබා ගත හැකි Social media එකක් ගැන තොරතුරු අපට දැනගන්නට ලැබුනා. Moji නමින් හදුන්වන මෙම Platform එක 2021 ජුනි 01 වන දින ආරම්භ කල සේවාවක් වන අතර මේ වන විට මෙහි Beta සංස්කරණයක් (Web version) moji.lk වෙබ් අඩවිය හරහා අත්හදා බැලීමට හැකියාව ඔබ අප සියලු දෙනා හට ලබා දී තිබෙනවා. Moji ගැන කතා කිරීමේදී මෙහි ඇති තරමක් විශේෂ පහසුකමක් වනුයේ “Story in Square” ක්‍රමයයි. මෙම පහසුකම හරහා ඔබ විසින් Moji තුළ පලකරන සැම පොස්ට් එකක්ම square හැඩයක් ගන්නවා. Text සහිත post පල…
2017 දී හදුන්වා දුන් PlayerUnknown’s Battlegrounds එසෙත් නැත්නම් PUBG PC Game එක පරිගණක ක්‍රීඩාකරුවන් අතර කුණාටුවක් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත් වුවා. මෙම පරිගණක ක්‍රීඩාව ලබා දුන්නේ ඩොලර් 20ක් වැනි මුදලකටය. නමුත්, Krafton හි නිර්මාණ අධ්‍යක්ෂ තහවුරු කර ඇත්තේ PUBG පරිගණක ක්‍රීඩාව නොමිලේ ලබා ගත හැකි පරිගණක ක්‍රීඩාවක් ලෙස නිකුත් කිරිමට සුදානම් වන බව ය. ඒ අනුව PUBG පරිගණක ක්‍රීඩාව 2022 ජනවාරි 12 සිට ක්‍රීඩා කිරීමට නොමිලේ යැයි Krafton හි නිර්මාණ අධ්‍යක්ෂ ප්‍රකාශ කර ඇත. එය දැනටමත් Pre Registration කිරීම් සඳහා පවතින අතර මෙම ක්‍රීඩාවේ බොහෝ අංග නොමිලේ ඇත. නමුත්, Ranked Matchmaking ඇතුළු සමහර අංග Unlock කර ගැනිමට නම් ඩොලර් 12.99ක…
About Us
TEC ROOM is a Sri Lankan technology website, publishing news, feature stories, software & app reviews, tech tutorials and product reviews in Sinhala. The main purpose of the website is to bring the latest tech news, tech tutorials in the Sinhala language and respect user contributions by letting anyone contribute and update the latest news, In the same manner, anyone with access to the website can read news and get the latest updates via the official website.